IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මන්ත්‍රීගෙ කුණු ෆේස් බුක් දැම්මාට ගුටි පූජාවක්

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිදුකරන විෂමාචාර සිද්ධින් මුහුණු පොත ඔස්සේ හෙළි කළැයි උරණවූ එම මන්ත්‍රීවරයකුගේ ආධාරකරුවන් පිරිසකට පහරකෑමට ලක් වූ තරුණයකු  වවුනියාව රෝහලට ඇතුළත් කළ බව ඕමන්ත පොලිසිය පවසයි.

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරන අදාල මන්ත්‍රීවරයාගේ  ආධාර කරුවන් පිරිසක් තමන් පැහැරගෙන ගොස් පහරදුන් බවට පහරකෑ පුද්ගලයා පොලිසිය වෙත ප්‍රකාශකොට තිබේ.

පහරකෑ පුද්ගලයා සතුව තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් හා මුදලින් රුපියල් 11000ක් පමණ සැකකරුවන් පැහැරගෙන ගොස් ඇති බවද පොලිසිය පැවසීය.

එලෙස පැහැරගෙන ගොස් පහරදී ඇත්තේ පාසල පාර , පූන්තෝට්ටම් ,වවුනියාව ලිපිනයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකුට වන අතර ඔහු තවදුරටත්  වවුනියාව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කළේය.

අටදෙනකුගෙන් පමණ සමන්විත පිරිසක්  පහර කෑ පුද්ගලයාගේ නිවසට  පැමිණ මහරම්භකුලම ප්‍රදේශයට පැහැරගෙන ගොස් වෙල්යායක් අසල නිරුවත් කොට පහරදී  මන්ත්‍රීවරයාට අපහාස කිරීම නවතා දමන ලෙස  තර්ජනය කළ බව ද පැහැර කෑ පුද්ගලයා පොලිසිය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

සැකකරුවන් මහරම්භකුලම පොලිස් ස්ථානය ආසන්නයට රැගෙනවිත් දමාගොස් ඇති බවත් කීය.

පහරදීමට පැමිණි පුද්ගලයන් හයදෙනකු හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පහරදීම සම්බන්ධයෙන් සිද්ධියට මූලිකවූ මන්ත්‍රීවරයාගේ මැදිහත්වීමක් තිබේද යන්න විමර්ශන සිදුකරන බවත් පැවසීය.

(ඡායාරූප: රොමේෂ් මධුසංඛ)

           



අදහස් (0)

මන්ත්‍රීගෙ කුණු ෆේස් බුක් දැම්මාට ගුටි පූජාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 387 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site