(නිමල කොඩිතුවක්කු)
දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද (16) සිට දිවයින පුරා දැඩිව ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.
2006 අංක 27 දරණ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත උල්ලංඝණය කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පනෙත් බලයලත් නිලධාරීන් වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් ඉදිරියේ දී දිවයින පුරා විශේෂ වැටලීම් සංවිධානය කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව ප‍්‍රසිද්ධ ස්ථානවල මධ්‍යසාර භාවිත කරන්නන්, වයස අවරුදු 21 ට අඩු පුද්ගලයන්ට දුම්වැටි සහ අරක්කු බියර් වැනි මධ්‍යසාර අලෙවි කරන්නන්, මධ්‍යසාර ප‍්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.
දිවයින පුරා විසිරී සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2500ක පමණ සහභාගීත්වයෙන් මෙම වැටලීම් සිදු කරන බවත් අබේකෝන් මහතා කීවේය.
දුම්කොළ සහ මධ්‍යසාර පනත උල්ලංඝණය කිරීමක් සිදු වේ නම් 1948 දරණ දුරකථන අංකයට දන්වන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1280
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත අද සිට රටපුරා දැඩිව ක්‍රියාත්මක කරයි