IMG-LOGO

මැතිසබයේ උණුසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනකු   විසින් බැන වැදී  පහරදීමට උත්සාහ දරන ලද සිද්ධියකින් මැතිසබයේ  උණුසුම් තත්වයක්  අද (20) පස්වරුවේ  ඇතිවිය.

මේ අවස්ථාවේදී විජිත හේරත් මන්ත්‍රීවරයා සහ  පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර  උණුසුම් බහින්බස්වීමක්ද සිදුවිය.

සභාවට නොගැලපෙන වචනද එහිදී  හුවමාරුවිය.

උණුසුම් තත්වය  ඇතිවූයේ විජිත හේරත් මන්ත්‍රීවරයා ජනතාවගේ අරගලය සම්බන්ධයෙන් අදහස් දක්වමින්  සිටියදීය.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් මන්ත්‍රී ඩී වීරසිංහ මහතා  විජිත හේරත් මහතාට දිගින් දිගටම බාධා කරමින් " ඔයාලා තමයි අපේ මේ සේරටම ගිනි තිබ්බේ. දැන් බොරුවට සුදන වගේ කතා කරනවා. මගේ ගෙදරට ගැහුවෙ ජනතා විමුක්ති පෙරමුණේ අය. අපේ දේපළ  නැතිවුණා . අපිට වේදනාවක් තියෙනවා " යැයි  පැවසුවේය.

මේ අවස්ථාවේදී විජිත හේරත් සහ සහ ඩී වීරසිංහ මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතාබහක් ඇති වූයේය.

ඉන් මොහොතකට පසු සනත් නිෂාන්ත සහ වෛද්‍ය උපුල් ගලප්පත්ති යන දෙදෙනා කෑගසමින්  සභා ගර්භය  මැදට පැමිණ  විජිත හේරත්ට පහරදීමට කිසියම් උත්සාහයක යෙදෙනු දැකගත හැකිවිය.

සනත් නිශාන්ත මහතා විජිත හේරත් දෙසට ඇඟිල්ලක් දිගු කරමින්" මෙතැන්ට වරෙන් උඹට දෙන්න" යැයි  පැවසුවේය.

එහෙත් සෙසු සහෝදර මන්ත්‍රීවරු ඒ  උත්සාහය වැළැක්වූහ.

ඩී.  වීරසිංහ මන්ත්‍රීවරයා  ආණ්ඩු පක්ෂයේ දොරටුවෙන් පිටවී විපක්ෂයේ පැත්තට පැමිණීමට උත්සාහ ගත් අතර එයද සහෝදර මන්ත්‍රීවරුන් විසින් වළක්වන ලදී.

මේ අවස්ථාවේදී සභාව ඇමතූ නියෝජ්‍ය කතානායක අජිත්  රාජපක්ෂ මහතා පැවසුවේ  සභාවේ  හුවමාරුවූ  නොගැලපෙන  වචන සහ ගැටුම්කාරී සිද්ධිය  ගැන කතානායකවරයාට දැනුම්දී අවශ්‍ය පියවර ගන්නා බවයි.



අදහස් (5)

මැතිසබයේ උණුසුම් වෙයි

Prabha Friday, 20 May 2022 07:15 PM

තමා පාඩමක් ඉගෙනගෙන නැති හැඩයි...

:       0       4

C.K.Lankaputhra Friday, 20 May 2022 07:55 PM

සුනඛයින් පාර්ලිමේන්තුව අරක් ගෙන. අනේ අපොයි අපේ රටට මොකද මේ වුනේ...?

:       0       3

swene Saturday, 21 May 2022 05:12 AM

88-89 ගැන කිය කියාසිටින අනික් අයගේ ඉතිහාසයත් ප්‍රශස්තයි කියලා කියන්න බැහැ. විරුද්ධවාදීන්ට මැති සබයේදී අසික්කිත විදියට කතා කරනවා නම්, දුරකථන උදුරා ගන්නවා නම් ඔවුන්ගේ කුමන සංයමයක් තිබෙනවාද?

:       20       7

[email protected] Saturday, 21 May 2022 11:59 AM

සාමාන්‍ය ජනතාව වගේ ඔක්සිජන් හුස්මගන්න භාවිතා නොකරන ඒ වෙනුවට ඒවා භක්ෂණය කරන රස්තියාදුකාර මැරයින් පාර්ලිමේන්තුවට ගියාම ඔහොම තමයි. පහුගිය සිද්දි වලින් වත් මේ වගේ දේශපාලන සූකරයන් මට්ටුවෙලා නැහැ. ඊළඟ වතාවෙත් මේ වගේම සෙට් එකක්ම ගවගාලට යවන්න මේ රටේ ජනතාව වගබලාගන්නම ඕනෑ..!

:       15       6

ගමේ එකාලා Saturday, 21 May 2022 05:08 PM

පාර්ලිමේන්තුව රැස්වෙලා එකාට එකා ඇනකොටා ගන්න එකද මේ වෙලාවේ කරන්න තියෙන්නේ? එහෙම නැත්නම් මුලුරටම පත්වෙලා තියෙන අර්බුදයට විසඳුම් හොයන එකද? රට වලපල්ලටම වැටුණේ දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් හින්දා..?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 461 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site