(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් එගොඩඋයන සාම මාවත අසලදී අත්අඩංගුවට ගත් බව ඒගොඩ උයන පොලිසිය කියයි
සැකකාර අඹුසැමි යුවළ සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 80 ක් පොලිස් භාරයට ගෙන ඇත
සැකකරු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් වන එගොඩ උයන කුඩු චූටි නමැත්තියගේ පුතා බව පොලීසිය කියයි
මෝදර ප්‍රදේශයෙන් මත්කුඩු මිලදී ගත් අඹුසැමි යුවළක් යතුරුපැදියකින් පැමිණෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව එගොඩ උයන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයේ රැකසිට සැකකාර අඹු සැමි යුවල අත් අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී එගොඩඋයන ආර්නොල්ඩ් පෙදෙසේ පදිංචි සහෝදරයාට ලබාදීම සඳහා මත්කුඩු රැගෙන යන බවට ප්‍රකාශ කර ඇත
සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙක් බව පොලිසිය කියයි
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මත්කුඩු සමඟ අඹුසැමි යුවළ අත්අඩංගුවට