(කේ බුද්ධික කුමාරසිරි)
අවිස්සාවේල්ල ගැටහැත්ත මාරඹේ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසකට අද අළුයම ඇතුලු වූ පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි අවි පෙන්වා බියකර නිවැසියන් කාමරයකට දමා නිවසේ තිබූ මිල අධික ජංගම දුරකතන කිහිපයක් කොල්ල කා පලා ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
ගිනි අවියකික් සිදු කළ පහර දීමෙන් කාන්තාවක තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇත.
සිද්ධිය වූ අවස්ථාවේදී නිවසේ කාන්තාවන් සහ කුඩා දරුවන් පමණක් සිට ඇති බවත් නිවසට ඇතුලු වූ පිරිස ගිනි අවිය පෙන්වා තර්ජනය කර නිවසේ සිටි සියලුම දෙනා කාමරයකට ඇතුළු කර දොරගුලු දමා සම්පූර්ණ නිවසම සෝදිසි කර මුදල් සොයා ඇති බවත් " ඉන්ධන හලෙන් ගෙනාපු මුදල් දීපියව්" කියමින් නිවසේ අල්මාරි ඇතුලු සියලු ස්ථාන අවුස්සමින් මුදල් සොයා ඇති බවත් සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
රෝහල් ගත කල කාන්තාවගේ තත්වය බරපතල නොවන බවත් ගිනි අවියෙන් පහර කෑම නිසා තුවාල සිදුව ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් පිරිස කුඩා මෝටර් රථයකින් පැමිණ නිවස පසෙකට වන්නට නවතා දමා කොල්ලකෑම සිදු කර පළා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මැණික් ව්‍යාපාරිකයාගේ නිවෙස කොල්ල කාලා