IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මැකෝ තවත් කෝටි තිහක් ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

මැතිවරණ වියදම් පියවා ගැනීම සඳහා තවත් රුපියල් කෝටි 30 ක මුදලක් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යවා ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මීට පෙර රුපියල් කෝටි 77 ක මුදලක් ඉල්ලා මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලිපියක් යොමු කළේය.

ඒ අනුව මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ලැබුණු අතර එම මුදල් මැතිවරණයේ මූලික කටයුතු සඳහා වැය කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර පළාත් මැතිවරණ කටයුතු සඳහා පසුගිය මාසයේදී පමණක් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක පමණ මුදලක් වැය කළ බව මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.

මැතිවරණ වියදම් සඳහා තවත් මුදල් අවශ්‍ය වන අතර එම මුදල් ඉදිරියේදී ලබාගැනීමට බලාපොරොත්තු වන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතය.

මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව කොමිසමේ නිලධාරීහු පවසති.

 



අදහස් (13)

මැකෝ තවත් කෝටි තිහක් ඉල්ලයි

ranjith Tuesday, 14 February 2023 05:05 AM

ජන මතය විමසන්න මේ තරම් බිය මොකද?

:       1       3

Bamunuarachchi Tuesday, 14 February 2023 07:44 AM

ඔහොම ඉල්ලන ඉල්ලන සැරේට සල්ලි දෙන්න අපි සල්ලි ගස්වලින් කඩනවා කියලා හිතුවද? සල්ලි නැතිනම් ඔන්න ඔය මගුල අත් හැරලා දමන්න. අපිට් චන්ද තිබ්බත් එකයි නැතත් එකයි. තවලම ඇදගෙන යන එවුන් ඔහේ ඇදගෙන යයි.

:       13       3

Aravinda Monarawila Tuesday, 14 February 2023 11:33 AM

රට විනාශ කල අයට එවට උඩ ගෙඩි දුන්න අයට හා එ අයට හුරෙ දැම්ම මොඩ ජනතාවට චන්දයක් ඔන නැති උනාට ලක්ශ සංඛාත ජනතාවක් බලා ඉන්නවා තමන්ට අවස්තාවක් එන තුරු ඒ්ක මාර්තු නමවෙනිදාට බලා ගන්න පුලුවන්.

:       3       6

Bamunuarachchi Wednesday, 15 February 2023 06:42 AM

හලෝ රට විනාශ වෙන්න පටන් ගත්තේ 1977 ඉඳලා. ඇපල් වතු ගත්ත කථා ඔහෙලා දන්නේ නැති උනාට අපි දන්නවා. එදා සිටන් අද දක්වා සහනාදාර බුක්ති වින්දානම් උඩගෙඩි දීමට හුරේ දැම්මාට යුෂ්මතාත් අයිති.

:       0       1

ජනිත Tuesday, 14 February 2023 08:23 AM

රජයේ නිලධාරින් ස්වාධීන කියාගෙන දේශපාලනය කරන්නහොඳ නැහැ. මෙයා මාර්තු 9 මැතිවරණය දාගත්තේ කුමන දේශපාලන අරමුණකින්ද යන්න පැහැදිලි නැහැ

:       8       9

සුදු කපුටා Tuesday, 14 February 2023 09:49 AM

මැති ඇමති වරුන්ගේ ගිනි ගත්තු ගෙවල් හදන්න දීපු වන්දි මුදල් මාසයකට නවත්තන්න්න බැරිද? කෝටි 70ක් කියන්නේ ඉතාම සුළු මුදලක්. හරියට කිව්වොත්, ලොක්කන්ගේ ජීප් 5ක් සුදු කපුටා එලවමු

:       5       9

ranjana Tuesday, 14 February 2023 10:40 AM

පක්ශ හා දේශපාලකයො ලග විශාල මුදල් ප්‍රමාණයක් ඇති බව පෙනේ. සමහරු කිව්වේ චන් දෙට යන මුදල ලූණු බිකක් කියාය​. එමෙන් ම කට්ටියට චන් දය ඕනැම නිසා කැට වලට සම්මාදම් කර අඩුපාඩුව සොයා දිය හැකිය​.

:       0       7

anura Tuesday, 14 February 2023 10:53 AM

ඔබ හිතා ගෙන ඉන්නේ 'අර මැජික් කාරයෝ තොප්පිය අස්සට අත දාලා හාවෙක් උස්සලා පෙන්නනවා වාගේ ' භාණ්ඩාගාරයෙනුත් අත දාලා කෝටි 30 ක් උස්සලා පෙන්නන් පුළුවන් කියලාද?

:       4       8

Aravinda Monarawila Tuesday, 14 February 2023 11:35 AM

බන්දනාගාර ලෙකම්වරයාත් රටෙ නීතියත් එක්ක සෙල්ලම් කරන්න උත්සහ කරනවා වගෙ පෙනෙන්නෙ.

:       1       0

Aravinda Monarawila Tuesday, 14 February 2023 12:16 PM

ඹන්ඩනාගාර ලෙකම්වරයා නොවේ භාන්ඩාගරා ලේකම්වරයා

:       0       0

anuraTuesday, 14 February 2023 01:07 PM

හික් හික් හරියට වචනයක් වත් කියා ගන්න බැරිව බොරුවට බය කරන්න හදනවා...

:       0       0

Athula Tuesday, 14 February 2023 12:33 PM

රනිල් සහ රාජපක්ෂ හොර තක්කඩි දන්නවා මේ ගෙවී යන්නෙ උන්ගේ අවසන් හෝරාව බව ඒක වලක්වන්න කරන්න පුළුවන් සියළුම බාදා කිරීම් කරමින් ඉන්නේ

:       2       2

චින්තක Tuesday, 14 February 2023 03:52 PM

අනේ ගොනෝ කොහෙද බං මෙතන රනිලෙක් හරි රාජපක්ෂයෙක් ඉන්නෙ .මෙතන මුදල් ඉල්ලා තියෙන්නෙ භාණ්ඩාගාරයෙන් කියලා තේරුම් ගන්න බැරිනම් ශිෂ්‍යත්ව විභාගයට බැරිනම් අවුරුද්දක් මොන්ටිසෝරියකට පලයං. භාණ්ඩාගාරය කියන්නෙ ස්වාධීන ආයතනයක් කියලා තමයි මම අහල තියෙන්නෙ .ඒකනේ සමහරක් දේශපාලුවො එහි නිළධාරින්ට බනින්නෙ .හැම එහෙකටම දේශපාලුවො සම්බන්ධ කලාම ඔහොම තමයි. උන්දැලාගෙ ඔලුගෙඩි ඉදිමිලා උන් හිතන්නේ උන්ට වඩා ලොක්කො තවත් නැහැ කියලා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 726 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site