(දිල්රුක්ෂි ග්‍රේරු)
දිවයින පුරා විහාරස්ථානයන්හි දිනපතා දානය හා ගිලන්පස නොලැබෙන භික්ෂුන් වහන්සේලාට දානය ලබා දීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ.
කොරෝනා වයිරසය පැතිර යාම සමඟ රටේ පවතින තත්ත්වයේදී භික්ෂුන් වහන්සේලාගේ පහසුව වෙනුවෙන් මෙය ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම්වරුවන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරී භික්ෂුන් වහන්සේලා සම්බන්ධිකරණයෙන් මගින් සිදු කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
අගමැති හා බුද්ධ ශාසන අමාත්‍ය සංස්කෘතික ආමික කටයුතු මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මෙය සිදු කෙරේ.
සංමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය මගින් මෙම පිංකම සඳහා ලේක්වීව් ලංකා බැංකු ශාඛාවේ 81204920 නමින් ගිණුමක් අරඹා තිබේ.
මේ සඳහා පරිත්‍යාග ශිලින්ට දායක විය හැකි බව සමස්තලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියෝ කියති. 071-2642951 / 071-4422006 දුරකතන අංක වලින් වැඩි විසතර ලබා ගත හැක
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ නිවේදනයකින් මෙම තොරතුරු දැනුම් දී තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
භික්ෂූන් වහන්සේලාට දානය - ගිලන්පස