(යොහාන් භාසුර)
රාජපක්‍ෂ චරිතයක් වන බැසිල් මහත්මයා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පසුගිය ආණ්ඩුව විනාශ වීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් බවත් ඔහු නැවත ආණුඩවට පැමිණ 69 ලක්‍ෂයක පමණක් නොව මුළු මහත් දේශයට ආදරය කරන ජනතාවගේ උතරීතර අභිලාශයට හානියක් වේවි යන බිය සහ සැකය සියලුදෙනා තුළම තිබූ බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද (31) පැවසූහ.
සියලුම දෙනාගේ මතය තුටිටුවකට මායිම් නොකර ද්විත්ව පුරවැසිභාවය නැවත ගෙන එමින් ආණ්ඩුව ලොකුම වැරැද්ද කළ බවත් පසුගිය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩුව පිරිහෙන්න හේතුව පවුල් පාලනය බවත් මැදගොඩ අභයතිස්ස හිමියෝ කීය.
නාරාහේන්පිට අභයාරාමයේදී ‘පැවිදි හඬ සංවිධානය’ අද (31) පැවැත්වූ විශේෂ සංඝ සම්මේලනයේදී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ එසේ පැවසූහ.
එහිදී මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ වැඩි දුරටත් මෙසේ ද පැවසූහ.
“හැබැයි මේ වන විට ඒ තත්වය ඊටත් එහා ගිය තත්වයක් අපි දකින්නේ නැද්ද? ඒ නිසා අපි එතුමට කිව්වේ ඒ අයට තරමක් පැත්තකට වෙලා ඉන්න කියලා මේ ගමන යන්න ඕන.
ජනතාව අපේක්‍ෂා කරන්නේ නෑ ඒ විදිය පාලනයක්. එදා ගෝඨාභය සහ සජිත් ප්‍රේමදාස කියන දෙන්නා අතරින් බලයට ගත යුත්තේ කවුද කියන එක මහා සංඝරත්න තීරණය කළා වගේම වර්තමානයේ මොවුන් කරන ක්‍රියාවලුත් බලාගෙන ඉදලා ගතයුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක තීරණය කිරීමට මහා සංඝරත්න පෙනී සිටිනවා.
එහිදී ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියෝ මෙසේ පැවසූහ.
“අද අපි මුහුණ දෙන තත්වය ඇතිවුණේ ‘කොවිඩ්’ ප්‍රශ්නය නිසාම කියලා කාටවත් ගැලවෙන්න බෑ. ඒ කාලය ගිහින් ඉවරයි. ඒ තත්වයට මුහුණ දුන්නේ අපේ රට පමණක් නොවෙයි.
ඒ තත්වයෙන් ගොඩඑන්න කියලා සුමන්දිරන් මහත්මයාලාගේ බලාපොරොත්තු ඉටු කරන්න උනොත් ශ්‍රී ලංකාව වෙනම කෑල්ලකට කැඩිලා වෙනම රාජ්‍යයක් බිහිවෙන එකත් වලක්වන්න බැරි වෙනවා”
මුරුත්තෙටිටුවේ ආනන්ද හිමියෝ මෙසේ අදහස් දැක්වූහ.
“ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට එන විට අපි හැමදෙනා තුළ තිබුණු සතුට අද ඇත්තේ නෑ. අපි කවදාවත් මෙහෙම පෝලිම් යුගයක් දැක්කේ නෑ. පක්‍ෂ විපක්‍ෂ හැම දෙනාගේම අප්‍රසාදයක් දවසෙන් දවස සතියෙන් සතිය වැඩි වෙමින් පවතිනවා. මේ ආණුඩවේ කළමනාකරණයක් නෑ. අධීක්‍ෂයකුත් නෑ. සුදුස්සන් සුදුසු තැන්වලත් නෑ. නිස්සන් නිසිතැන්වල වැජබේවා. මේ ආණුඩවේ ඒක නෑ. ජනාධිපතිතුමාට කියන්නේ දැන්වත් මේ ආණ්ඩුවේ අඩුපාඩු හොයන්න, උනේ මෙකක්ද කියලා හොයන්න. ජනාධිපතිතුමනි වටේ ඉන්න කේවට්ටයො ටික කියන දේවල් අහගෙන ඔබතුමා ඉදිරියට යන්න යනවා නම් අපිටත් සිද්ධවෙයි බොහෝම ඉක්මණින් වෙන පැත්තක් බලාගන්න”
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බැසිල් ආයෙත් ආණ්ඩුවට ඇවිත් ජනතා බලාපොරාත්තු සුන් කරන බවට සැකයක් තිබුණා
Bandara Thursday, 31 March 2022 09:15 PM
රටේ පවතින තත්ත්වය මල්වතු අස්ගිරි මහානායක හාමුදුරුවන් තාම දන්නේ නැද්ද? පැවිදි හඬ සංවිධානය විසින් උන්වහන්සේලාව දැනුවත් කලොත් හොඳයි නේද?
Surain Friday, 01 April 2022 10:03 AM
මේ ආණ්ඩුවේ සුදුස්සන් සුදුසු තැන්වල නෑ කියලා තමයි ආනන්ද හාමුදුරුවෝ කියන්නේ... ඒක නම් සහතික ඇත්ත.
Heena Friday, 01 April 2022 01:16 PM
බුද්ධිමත් මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න ජනාධිපතිතුමනි... ඒ මිනිස්සුන්ට සවන්දෙන්න. ඔබතුමා වර්ණනා කරන කේවට්ටයින්ට පයින් ගහලා පන්නන්න. ඔවුන් තමයි ඔබතුමා කෑවේ. ඇත්ත දකින්න ඇස් අරින්න. වටපිට බලන්න උගතුන් හඳුනාගන්න. "අපිතමයි හොඳටම කෙරුවේ" කියලා හිතෙන මාන්නය අතහැරලා මිනිස්සුන්ට සවන්දෙන්න. සුදුස්සන්ට සුදුසු තැන් දෙන්න. බැසිල්, නාමල් ආදී මොලයක් නැති මිනිස්සුන්ට කට වහගෙන ගොන් කතා නොකියා පැත්තකට වෙලා ඉන්න කියන්න... ඒ මෝඩ චූන්වලට මිනිස්සුන්ට මළ පනිනවා. මේ රට ගොඩගන්න නම් ඒ අය දැනට අයින් කරලා තියන්න... ඇමැතිවරුන්ට කියන්න තවත් බොරු කියලා අසරණ මිනිස්සුන්ව තවත් රට්ටන්න එපා කියන්න...