(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත දැදුරු ඔය ආසන්නයෙදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටි අද(4) දහවල් සිදුවු අනතුරකින් රියදුරු ඇතුළු 21 දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් තිබු ලංකා ගමනා ගමන මංඩලයට අයත් බස් රථයකි.
බස් රථය හලාවත කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් තිබියදි රියදුරුට එකවර බස් රථය පාලනය කර ගැනිමට නොහැකි විමේන් මාර්ගයෙන් ඉවතට පැන දැදුරු ඔයට මිටර් කිපයක් දුරින් තිබු දැවැන්ත මාර ගසක ගැටි ඇති බව පොලිසිය කියයි.
අනතුරීන් තුවාල බස් රථයෙ සිරවි සිටි රියදුරු මහත් වෙහෙසක් දරා බේරා ගෙන හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කිරීමට එම ස්ථානයට එක්වු පිරිස් කටයුතු කර තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බසය මාර ගසක ගැටී 21 ක් රෝහලට
Tissa senanayake Friday, 04 July 2025 01:58 PM
ඇයි මේ පුනරුද යුගයේ මෙතරම් මාරක බස් අනතුරු?
MDFriday, 04 July 2025 03:23 PM
වාහන අනතුරු විතරක්ද?තවත් බොහෝ අයහපත් දේවල් සීමාව ඉක්මවා ගොස් ඇත.මගේ හැඟීම නම් වෛරී සිතුවිලි වලින් පිරුණු සම හරක් ජනතාවක් ගහපු කතිරයේ ප්‍රතිඵලය තමයි හැමෝම විඳවන්නේ.ගොබ්බ ජාතියක් කල හෙණයක්.තවම පටන් ගත්තා විතරයි සාපය.
de silva Friday, 04 July 2025 01:59 PM
මේ අනතුරුවල කවුරුත් කතා නොකරන පැත්තක් තිබෙනවා. පහුගිය කාලේ ලංකාවට ගෙන්වන වාහන සීමා කිරීම සහ ගෙන්වන ලද වාහන වලට අධික තීරුබදු අයකිරීම නිසා රටේ පාරවල් වල ධාවනය වන්නේ පරණ වාහන, අමතර කොටස් මිල වැඩි නිසා මේවා නිසිලෙස අලුත්වැඩියා වෙන්නේ නැහැ. මෙම වාහන වල ෆිට්නස් තත්වය රිය අනතුරුවලට විශාල ලෙස බලපානවා. රිය අනතුරු 2020ට පෙර කාලය සමග සන්සන්ධනය කරන විට අනතුරු වැඩිවීමට ප්‍රබල හේතුවක් මේක... රජය වාහන අමතර කොටස්වලට ගහන තීරු බදු අඩුකර, වෙළඳපලේ වාහන අමතර කොටස් මිල අඩු කරන්න වහාම කටයුතු කළයුතුයි..
Hasitha Friday, 04 July 2025 04:54 PM
මේ බස් යන්නේ සල්ලි පස්සේ විතරයි. මනුස්සයෙක් නගිනකල්, බහිනකල් ඉන්නෙත් නෑ හදිස්සිය, පුදුම කරුමයක්... ඒ මදිවට යනවා 100ට විතර... ගිහින් හැප්පුණාම වෙන විනාශය කොහොමත් වැඩියි අබලන් බස්වල...
Himas Friday, 04 July 2025 05:10 PM
බලන්නකෝ රටේ හැම තැනම, දවස් ගානේ වෙඩි තියලා මිනිස්සු බල්ලන් ගාණට මරලා දාන විදිහ... මෙහෙම වෙන්න නම් ආණ්ඩුවක් මොකටද?
Neel Friday, 04 July 2025 06:01 PM
මේ රියදුරන්ට මනා පුහුණුවක් ලබාදීම අනිවාර්යයී. ආණ්ඩුව හොඳටම ප්‍රමාදයි.
ගුණරත්න Friday, 04 July 2025 06:23 PM
තුවාල ලැබූ අය උස්සන් යන විදිහ දැක්කාම අපේ ඔලුව රිදෙනවා. කොඳු ඇට පෙලට හානියක් වෙලා තිබ්බොත් මෙහෙම උස්සන් යන එකෙන් ඒ හානිය යතාවත් කරන්න බැරි වෙනවා... ගෙලට හානියක් වුණොත් මැරෙන්නත් පුළුවන්, අභ්‍යන්තර රුධිර වහනය වැඩි වෙන්න පුළුවන්. රෝගීන් හැසිරවීම ගැන පළපුරුද්දක් නැත්නම් අනතුරුවලට ලක්වුණු අය අල්ලන්න යන්න එපා...!