IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


බිල් - මෙලින්ඩා ගේට්ස් පදනම අග්‍රාමාත්‍ය හරිනි හමුවෙති

(යොහාන් භාසුර)

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ අග්නිදිග ආසියාව හා ඉන්දියාව පිළිබඳ සහ ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ප්‍රධාන අධ්‍යක්ෂ හරි මෙනන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (12) හමුවිය. 

සෞඛ්‍ය හා පෝෂණය, කෘෂිකර්මය, නාගරික සනීපාරක්ෂාව සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් මෙනන් මහතා අගමැතිනිය වෙත පදනමේ වැඩකටයුතු පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන්නේය. 

මෙම සාකච්ඡාවේදී ,  ශ්‍රී ලංකාව තුළ, "ඩිජිටල් කෘෂිකර්මය" සහ "ඩිජිටල් පොදු යටිතල පහසුකම්" ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමුවිය.  ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා අරමුදල් සහ පොදු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තාක්ෂණික සහාය ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙහිදී අග්‍රාමාත්‍යවරිය, ඩිජිටල්කරණය සහ මන්දපෝෂණයට පිළියම් යෙදීම සඳහා රජයේ කැපවීම පිළිබඳ අවධාරණය කළාය.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න , විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ තනුජ මීගහවත්ත යන මහත්වරැ මෙම හමුවට සහභාගී වූහ.



අදහස් (1)

බිල් - මෙලින්ඩා ගේට්ස් පදනම අග්‍රාමාත්‍ය හරිනි හමුවෙති

saman Thursday, 12 December 2024 12:37 PM

ලංකාවේ දේශපාලනයේ පිරිසිදුයි කියලා ඔවුන්ටත් දැනිලා... ඒකයි කවදාවත් නැතිව මේ ගොල්ලන් ලංකාවට ඇවිත් තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 243 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 416 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 1050 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 155 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 214 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 182 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 34 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site