IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බල්ලෝ පහක් කුසගින්නට බැල්ලියක මරාගෙන කාලා

(දිලංගා ගෝමස්)

මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක සතියක් පුරා හාමතේ සිටි වටිනා සුනඛයන් 5  දෙනකු කුසගින්න ඉවසා ගත නොහැකිව එක් බැල්ලියක මරා ආහාරයට ගනිමින් සිටියදී සොයාගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

සතුන්ගේ අයිතිවාසිකම් හා පරිසරය සුරැකීමේ සංගමයේ නිලධාරීන් ගල්කිස්ස පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක් තුළ සිටියදී මෙම සතුන් සොයාගෙන ඇත.

ඇමරිකන්  බ්ලූ වර්ගයේ වටිනා සුනඛ‍ෙන් තිදනෙකු , ගැබ්බර බැල්ලියන් දෙදෙනකු සහ මිය ගිය ගැබ්බර බැල්ලියක මෙසේ සොයා ගෙන ඇත.

හාමතේ සිටින සුනඛයන් මැරුණු බැල්ලියගේ ශරීර කොටස් ආහාරයට ගෙන ඇත.

සුනඛයන් විකිණීමේ ව්‍යාපාරයක  යෙදෙන ගෙහිමියා  ව්‍යාපාරික කටයුත්තක් සඳහා කොළඹින් බැහැරව ගොස් ඇත. මේ හේතුවෙන් මෙම සතුනට අවශ්‍ය  ආහාර හෝ බීමට ජලයවත් නොමැතිව සතියක් තිස්සේ හාමතේ  සිට ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය. 

ගෙහිමියා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පැවසීය.

 



අදහස් (8)

බල්ලෝ පහක් කුසගින්නට බැල්ලියක මරාගෙන කාලා

Wasantha Tuesday, 23 March 2021 09:49 AM

සර්ලාට පින්සිද්ද වෙන්න මේ යන විදියට ළඟදීම මිනිස්සු මිනිස්සුන්වම මරාගෙන කන දවස් වැඩි ඈතක නෙමෙයි.

:       80       44

fairoos Tuesday, 23 March 2021 10:07 AM

අනේ මෙහෙමත් මිනිස්සු...

:       1       75

දිමුත් Tuesday, 23 March 2021 12:02 PM

මහ ලොකුවට පොෂ් ගණන් බල්ලන් හදනවා. ඒ වුණාට ඔවුන්ට කන්න දෙන්නේවත් නැහැ...

:       1       81

makka Tuesday, 23 March 2021 01:11 PM

සමහර විට බල්ලන් මරාගෙන කෑවේ තමන්ගේම අම්මාද දන්නේ නැත. මම දන්නා ගල්කිස්සේ ගෙදරක මේවගේ බලු පැටවූ බෝ කරලා විකුණනවා.

:       1       23

Senarath Wednesday, 24 March 2021 03:37 AM

අඩුම තරමේ මේ මනුස්සයාට වතුර බාල්දියක්වත් තියලා යන්න බැරි වුණාද? එහෙම නම් ඒ සත්තු බඩගින්නට වතුරවත් බොනවනේ...

:       0       67

sam Wednesday, 24 March 2021 06:28 AM

එයාව ඒ බලු කූඩුවේම දාලා සතියක් හාමතේ තියන්න ඕනෑ. කාලකණ්ණියා.

:       0       46

Siri Perera Thursday, 25 March 2021 04:18 AM

කොරියාවේ මේ ජාතියේ බල්ලන්ව මසට හදනවා. අපිට dog-farms කිට්ටුවට යන්ඩ එපා කියලා තිබුණා. පැනගත්තොත් අපිව කාලා ඇටකටු ටික විතරක් ඉතුරු වේවි කියලා කිව්වේ... මෙයත් බලු මුදලාලි කෙනෙක් වෙන්න ඇති...

:       0       31

sam Thursday, 25 March 2021 09:22 AM

ලොවේම අහේනිය සතුන්ටත් බලපාලා නේද? 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 586 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 730 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 309 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site