IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත 21 ක් වහයි

නිමාලි කහවල
 
හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප සීමාවට අයත් කර්මාන්තශාලා 21ක් වසාදැමීමට පියවර ගෙන තිබේ.

අද(30) පස්වරුවේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

එම කර්මාන්තශාලාවේ සේවයේ නියුතු සේවකයින් 350ක ප්‍රමාණයක් පරීක්ෂණ කටයුතු සඳහා යොමුකිරීමටත්, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇත.
           
අගලවත්ත ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ ඥාතිවරයෙකු බව පැවසෙන අදාළ ආපනශාලා සුපරීක්ෂකවරයා මේ වනවිට අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර ඇති අතර, ඔහු සමඟ බොරළුගොඩ ප්‍රදේශයේ තාවකාලික නවාතැන් පොළක ලැගුම්ගෙන සිටි එම ආපන ශාලාවේම සේවයේ නියුතුව සිටි කෝකිවරයෙකුද පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.
         
එසේම මෙම සේවකයින් ප්‍රවාහනය කළ බව පැවසෙන ඉංගිරිය, මීරම ප්‍රදේශයේ පදිංචි වෑන්රථ රියදුරෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින්ද, ඉංගිරිය දොඹගස්කන්ද ප්‍රදේශයේ පදිංචි තවත් කිහිප දෙනෙකුද නිවෙස් තුළ ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබේ.
           
මෙම පුද්ගලයින්ගේ රෝග පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය.



අදහස් (1)

බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත 21 ක් වහයි

Sanjeewa Friday, 01 May 2020 02:30 AM

යුනිලිවර් ආයතනයේ තමයි සිද්දිය වෙලා තියෙන්නෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site