IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බේරුවල හුදෙකලා ගම්මානවල පුද්ගලයන් 11 293ක් ස්වයං නිරෝධායනට

(තුසිත කුමාර ද සිල්වා)

කොරෝනා ආසාදිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කලාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක් මේ වන විට නම්කර තිබේ.
 
 ඒ අතර චීන කොටුව, පන්නිල ,කරඳ ගොඩ, කංකානම්ගොඩ,වලතර ,අඹේපිටිය, අක්කර ගොඩ යන ග්‍රාම නිලධාරී වසම් තුළ පදිංචි පුද්ගලයන් 11 293 දෙනෙකු එම ගම්මාන තුල ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15) සවස පැවසීය.

මෙම ගම්මානවල සිටින පුද්ගලයන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සියලු දේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත්ව බෙදාහරින අතර චීන කොටුව ආරක්ෂක මුරපොළ වෙතින් එම ද්‍රව්‍ය නිරෝධායනය වන පුද්ගලයන් සිටින ගම්මාන වෙත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ලබාදීමට යුද හමුදාව සහ පොලීසිය කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

එම ගම්මාන තුළට ඇතුල්වීමට සහ පිටවීමට අවසර ඇත්තේ ආරක්ෂක, සෞඛ්‍යය යන අංශ වලට පමණක් බවත් එම ගම්මාන වෙත පිවිසෙන සියලු මාර්ග අවහිර වන ලෙස යුද හමුදාව සහ පොලීසිය යොදවා තිබේ .

හුදකලා කර ඇති ගම්මාන තුළ සිටින කිසියම් අයෙකුට අසනීප තත්ත්වයක් ඇතිවුවහොත් එම පුද්ගලයන් රෝහල්ගත කිරීමට ගිලන් රථයක් යොදවා ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසීය .

බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 35 දෙනකු වාර්තා වී ඇතැයිද ඒ මහතා කියයි. මේ වන විට මෙම ප්‍රදේශයන් තුළ අඛණ්ඩව ඇඳිරිනීතිය ද ක්‍රියාත්මකව පවතින බව පොලිසිය කියයි .



අදහස් (1)

බේරුවල හුදෙකලා ගම්මානවල පුද්ගලයන් 11 293ක් ස්වයං නිරෝධායනට

jayath Wednesday, 15 April 2020 12:30 PM

මේකේ ඉන්න ටික අර අටුලුගමදී බොල්ගොඩ ගඟෙන් පැන්නා වගේ සමහරවිට මූදෙන් පනින්න වගෙයි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 419 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 586 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 238 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site