IMG-LOGO

බේරුවල නගරයේ පන්දම් දල්වා ජවිපෙ විරෝධතාවයක

(තුසිත කුමාර ද සිල්වා)

ජනතා විමුක්ති පෙරමුණ බේරුවල නගරයේ පන්දම් දල්වා අද (01)  විරෝධතාවයක නිරත විය .

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රමුඛ දහසකට ආසන්න පිරිසක්  බේරුවල ධීවර වරාය අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලිය   බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ගාලු පාරට පිවිස ගාලු පාර  එක් මංතීරුවක් අවහිර කරමින්  මෙම පිරිස විරෝධතාවයේ නිරත විය . 

ඒ වන විට බේරුවල නගරයේ විදුලි විසන්ධි වී තිබූ අතර  පන්දම් ආලෝකයෙන් පිරිස විරෝධතාවට එක්වෙමින්  ජනතා පීඩාවට පත්කරන  ජනාධිපතිවරයා ඇතුළු රජයට වහාම ඉවත් වන්නැයි ප්‍රකාශ කළහ.



අදහස් (8)

බේරුවල නගරයේ පන්දම් දල්වා ජවිපෙ විරෝධතාවයක

චන්දන Saturday, 02 April 2022 06:42 AM

මෙවැනි විරෝධතා වලට අපි සහයෝගය දෙමු .

:       2       8

de silva Saturday, 02 April 2022 11:08 AM

මිනිස්සුන්ට රස්සාවකට යන්න බැහැ. ඉන්ධන නැහැ. බස් නැහැ. කර්මාන්තයක් කරගන්න අමුද්‍රව්‍ය නැහැ. උද්ඝෝෂණය කරනවා හැරෙන්න කරන්න දෙයක් නැහැ.

:       2       16

Sanath Kandy Saturday, 02 April 2022 12:46 PM

තැන්තැන්වල හුදෙකලා අරගල කරනවට වඩා හොඳ දේ තමයි ජාතික ජනබලවේගය එක්ක එකතු වෙලා සංවිධානාත්මකව නීතිගරුකව අරගල කරන එක...

:       3       10

dinesha Saturday, 02 April 2022 01:02 PM

ඔය පන්දම්වලට නිකරුණේ පුච්චන්නෙත් ඉන්ධන තමයි.

:       8       4

VajiraSaturday, 02 April 2022 01:44 PM

දිනේෂ කවදාවත් පන්දමක් අල්ලලා නැහැ වගේ...!

:       1       9

BamunuarachchiMonday, 04 April 2022 08:29 AM

ඔබ හොඳ පන්දම් කාරයෙක් වගේ. පන්දම් අල්ලනවා කියන කතාව හදුන හැටි දන්නවාද? දැනගෙනද කතා කොරන්නේ?

:       0       0

de silva Saturday, 02 April 2022 02:27 PM

පක්ෂ, පාට, ජාති භේද අමතක කරලා දමලා..., සියල්ලන්ම කලු හෝ සුදු ඇඳගෙන, කලු කොඩි අරන් කොළඹ එමු.. දෙකෙන් එකක් බේරගන්න..

:       1       5

BamunuarachchiMonday, 04 April 2022 08:26 AM

හලෝ තිබෙන ආණඩුව පෙරලන එක වැඩක් නොවෙයි. ඊළඟට කාවද පත් කොරන්නේ ඔවුන් කොහොමද රට ගෙනියන්නේ? ඔවුනට කොහොමද ඩොලර් ලැබෙන්නේ කියලා සොයා බැලුවාද? ජෙප්පෝ ණය ගන්නේ නැතිනම්, ජෙප්පෝ ඉන්න රටකට ව්‍යාපාරිකයෝ ආයෝජකයෝ එන්නේ නැතිනම්. ඔවුන් කොහොමද ඉන්ධන, පිටි,කිරිපිටි, පොහොර, බෙහෙත් රටට ලබා දේනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 376 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 225 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site