IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බිරියගේ දොළදුක නිවන්න ගිය සැමියා බාප්පාගේ පිහි පහරින් මරුට

(චන්ද්‍රසිරි ගුණසේකර)

ගැබිනි බිරියගේ ආසාව සංසිඳවීමට තම බාප්පාගේ ඉඩමේ කොස් ගසකින් කොස්ගෙඩියක් කඩා ගත් 34 හැවිරිදි දෙදරු පියකු බාප්පාගේ පිහිපහරින් මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි. 
මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය පිටුවල උතුර, එගොඩගෙදර ලිපිනයේ පදිංචි කේ.එම්.ෂෙහාන් ලසන්ත නැමැති 34 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය අය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම පහරදීම සිදුකළ බවට සැකකෙරෙන මියගිය දෙදරු පියාගේ බාප්පා  අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.



අදහස් (9)

බිරියගේ දොළදුක නිවන්න ගිය සැමියා බාප්පාගේ පිහි පහරින් මරුට

Bunny Preena Wednesday, 23 March 2022 02:12 PM

ඔය පළාතේ පාන් ගෙඩියටයි, ගස්වල ගෙඩි වලටයි මරාගන්න අය ඉන්නේ.

:       1       28

Gayan Wednesday, 23 March 2022 02:54 PM

දැන්නම් මිනිස්සු ළඟ මනුස්සකමක් ගෑවිලාවත් නැද්ද කොහේද? මහ කලකිරීමක් දැනෙන්නේ...

:       1       41

චමින්ද Wednesday, 23 March 2022 03:21 PM

අයියෝ මැරුණු කෙනාට බාප්පාගෙන් ඉල්ලන්න තිබුනේ නැද්ද? කාරණය බාප්පා නොදන්නවා වුණත්, ආහාර හිඟයක් තිබීම මෙයට හේතුවෙනවා. කොහොමින් කොහොම හරි පොහොට්ටු ආණ්ඩුව කාලයේ කොස් ගෙඩියටත් මිනීමැරුමක් වුණා...

:       8       31

fairoos Wednesday, 23 March 2022 05:02 PM

හැම දේකටම මරාගන්නවා.. දැන්නම් ලංකාව මෙක්සිකෝව වගේ තමයි...!

:       3       21

Appuhami Wednesday, 23 March 2022 08:33 PM

එල්ලා මැරීමේ නීතිය ගෙන එන්නම වෙනවා. නැතිනම් මේක හදන්න බෑ.

:       2       10

senaThursday, 24 March 2022 01:52 AM

එල්ලා මැරීමේ නීතිය දැනුත් තියෙනවා. නැත්තම් ඒක ක්‍රියාත්මකයි.

:       0       0

SarasiThursday, 24 March 2022 07:06 PM

මිනිස්සුත් තව කෙනෙක්ගේ දෙයක් හොරෙන් ගන්න යනකොට ටිකක් හිතන්න. කොහොම කිව්වත් ඒක හොරකමක්. ඉල්ලන්න බලන්න. තමන්ගේ වත්තට ඇවිත් නොකියා කඩන්න ගියොත් ඔය කමෙන්ට් දාන අය නිකං ඉඳීද? ඉල්ලලාත් දෙන්නේ නැතිනම් හැරිලා යන්න නොදෙන කෙනා ළඟ මනුස්සකම නෑ කියලා හිතලා...

:       0       0

Sahas Thursday, 24 March 2022 02:00 AM

අසරණ මිනිස්සු හිඟමනට වැටුණත් සල්ලි පොට්ටනි, ගෝනි ගණන් සල්ලි පූජා ලැබෙන ලංකාවේ ඉතා ප්‍රසිද්ධ බෞද්ධ පූජනීය ස්ථාන වල ඉන්න සිල් පද පහම කඩන දේවදත්ත පරම්පරාවේ චීවරධාරීන්ට වැහි නැති හෙන ගහවි...!

:       0       0

Sarasi Thursday, 24 March 2022 07:01 PM

බාප්පා නෙමෙයි තාත්තා වුණත් අහලා කඩන්න. නොදුන් දේ ගැනීම හොරකමක්... එහෙනම් ඔහොම වෙන්නේ නෑනේ... අපරාදේ ජීවිතය, දරුවෝ, බිරිඳ කොච්චර පව්ද? දැන් බාප්පාගේ නම යන්නේ කොස් ගෙඩියට මිනීමැරුවා කියලනේ... ගැබිනි බිරියට කන්න ආසයි කිව්වා නම් සමහර විට කඩන්න දෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site