IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


බොරතෙල්වලට මොනවා වෙයිද?

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය මාස කිහිපයේ බොරතෙල් මිලේ විශේෂ වෙනස් කමක් සිදු නොවූවත් ඉදිරියේදී එය වෙනස් වනු ඇතැයි ඔයිල් ප්‍රයිස් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත.

බොරතෙල් ප්‍රවාහන සුපර් ටෑන්කර් නෞකා 10 ක චීනය බොරතෙල් ලබා ගැනීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයට යවා ඇති බවත් එම එක් නෞකාවක ධාරිතාවය බොරතෙල් බැරල් මිලියන 20 ක් බවත් එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.එපමණක් නොව චීනය රුසියාවෙන්, සෞදි අරාබියාවෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහ අනෙකුත් රටවලින් බොරතෙල් තොග එක්රැස් කරන බව ඔයිල් ප්‍රයිස් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

දීර්ඝ කාලයක සිට බලාපොරොත්තු වූ බොරතෙල් ඉල්ලුමේ ඉහළ යාමක් සිදුවෙතැයි චීනය බලාපොරොත්තු වන බවට මෙය ඉඟියක් විය හැකි යැයි එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ලෝක බොරතෙල් වෙළඳපොලේ අද (24) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.97 ක් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 76.10 ක් විය.



අදහස් (0)

බොරතෙල්වලට මොනවා වෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site