IMG-LOGO

බෙරගල-වැල්ලවාය මාර්ගය වැසෙයි

(සමන් පාලිත නානායක්කාර)

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද 02 සවස ගල් කුළු සමඟ විශාල පස් කන්දක් කඩා වැටී බෙරගල වැල්ලවාය මාර්ගය ගල්කන්ද ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ගයානිගේ රණතුංග මහත්මිය පැවසුවාය.

අයහපත් කාලගුණය මධ්‍යයේ මාර්ගයේ අවහිර තා ඉවත් කරමින් ඇති ඇති බැවින් දැනට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග ලෙස බෙරගල මන්තැන්න,කිරවනාගම හරහා කොස්ලන්ද මාර්ගය හෝ ඇල්ල වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.

පැවති දැඩි වර්ෂාව සමඟ විශාල ගල්කුළු කිහිපයක් සමග පස්කඳු කඩා වැටී මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බැවින් බැකෝ යන්ත්‍ර යොදා පස් කඳු හා ගල්කුළු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය පැවසුවාය.

 



අදහස් (0)

බෙරගල-වැල්ලවාය මාර්ගය වැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site