IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


බීමත් රියදුරා මල් කැකුළක් බිලි ගනියි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ කල්එළිය තුනේ කනුව ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පියා සහ දාහතර හැවිරිදි දියණියක මරුමුවට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි . මෙසේ මියගොස් ඇත්තේ කල්එලිය මීරිගම පාර අංක 52 ලිපිනයේ පදිංචිව සිටි චන්දන නිශාන්ත 54 මහතා සහ නෙවින්දි දිල්ෂිකා 14 දැරියයි .

මියගිය දියණිය මීරිගම බණ්ඩාරනායක මහා විදුහල මහ විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි.

උපකාරක පන්තියකට සහභාගි වූ දියණිය බසයෙන් බැස ඒ ආසන්නයේ වූ නිවස කරා පියා විසින් කැඳවා ගෙන යමින් සිටියදී පිටු පසින් පැමිණි මෝටර් රථයක් ඔවුන් දෙදෙනා හප්පා නොනවත්වා පලා යද්දී කල්එලිය නගරයේ දී පොලිසිය විසින් මෝටර් රථය හා එහි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි .

පියා සහ දියණිය අනතුරට පත්ව ඇත්තේ නිවස පේනතෙක් මානයේ දීමය. තත්පර දෙක තුනක කාලයක් පමණක් ගත වූයේ නම් ඔවුනට නිවසට යාමට පවා කල් වේලා තිබූ බව පොලිසිය සඳහන් කරයි



අදහස් (21)

බීමත් රියදුරා මල් කැකුළක් බිලි ගනියි

ravin Tuesday, 15 November 2022 10:57 AM

මෙකට තමා ලොව් තුරා බුදුරජානන් වහන්සේ වඩාලෙ පුර්වෙ කරපු අකුසල් කියලා.

:       114       492

KumarWednesday, 16 November 2022 12:53 AM

රෙද්ද තමා

:       173       11

SenakaWednesday, 16 November 2022 12:50 PM

මෙහෙම කියන, ධර්මයට ගරහන අති පණ්ඩිත කාලකන්නි තමයි බීලා විකාර කරලා, අනුන්ගෙයි, තමන්ගෙයි සේරම ජීවිත විනාශ කරලා දාන්නේ...!

:       4       71

මල් කුමාරයාWednesday, 16 November 2022 09:23 AM

එහෙමනං ඉතිං මාර්ගනීති වලින් වැඩක් නෑ නේද​? අකුසල් කියන්නේ පුහුණු නොකරගත් සිත​. පුහුණුවක් නැතිව එකපාරටම වතුරට පැන්නොත් ගිලෙනවා... ඒ වගේම තමයි බීලා සිහිකල්පනාවක් නැතිව රියදුරු අසුනේ ඉඳගත්තම අනතුරු සිදුවෙනවා. නිවනටත් පුහුණුවක් තියෙන්න ඕන​. ඒකට තමයි කියන්නේ "යෝනිසෝ මනසිකාරය​" කියලා. (දැං මේ පැහැදිලි කිරීමට පස්සේ මේකත් කියලා හම්බකරන අයියා කෙනෙක් හැදෙයි) බිස්නස් එකකට බ්ණ කියන පොතේ ගුරාලගේ ලස්සන වාග් මාලාවලට රැවටෙන්න එපා. හොඳ සිහිකල්පනාවෙන් ජීවත්වෙන්න පුහුණු වෙන්න​. ඒ පුහුණුව තමාටම ආවේනික බව මතක තියාගන්න​.

:       89       9

ඩයනාා පෙරේරා Tuesday, 15 November 2022 11:24 AM

අපරාදෙ වටිනා ජිවිත අකලට පරවෙනව

:       1       88

ලුම්බිණි Tuesday, 15 November 2022 11:35 AM

මේ වගේ රියදුරන්ට අවුරුදු 15කට නොඅඩු සිර දඬුවම් අනිවාර්ය කල යුතුයි.

:       4       98

Rexi Tuesday, 15 November 2022 03:03 PM

මොකටද සිර දඩුවම්, කොල නැති ගහේ නැග්ගුවනම් අනිත් උනුත් හැදෙනව, හැබැයි වගකිවයුතු අය එක කරන්නෙ නැහැ, මොකද මෙක ධරමද්වීපය හින්ද ( නමට පමනක්) කොහොමද නයිට් ක්ලබ් ගිහින් රොන් සයිඩ් එකෙදි අසරන තාත්තා කෙනෙක් හප්පල පැනල ගිය කෙනා, සල්ලි වලින් බෙරුනා, නඩුත් නාැහැ, එහෙම බෙරෙන්න පුලුවන් මැදපෙරදිග බ්ලඩ් මනි, හැබැයි ලංකාවෙ සල්ලි ලක්ශ 10 දීල නෙමෙ ලක්ෂ 200 හෝ ඊට වැඩි ප්‍රමානයක්, එකත් මැරුන කෙනාගෙ පවුලෙ අය කමතිනම් විතරයි එකට මෙහෙ වෙන්නෙ වරඩ්ද කරපු කෙනගෙ කැමැත්ත මත හබයි එකත් බලපුකුවන්කරකම් තියෙන නැහැදිච්ච උන්ට විතරයි.

:       5       36

Bunny Preena Tuesday, 15 November 2022 11:52 AM

බොහොම කනගාටුදායක මරන දෙකක්. රියදුරාව බෙරගන්ට ඔනෙතරම් කට්ටිය බැහැලා වැඩ කරයි. නමුත් අහින්සක පවුලෙ අයට කාගෙ පිහිටක්ද. ? දෙදෙනාටම නිවන් සුව පතමි.

:       2       92

sharm warnWednesday, 16 November 2022 03:19 PM

අනතුරු කරපු එකාගේ නෑදෑයෝ සෙට් එකක් මෙතන ඉන්නවා වගේ .අදහස් වලට ඩිස්ලයික් දාගෙන යනවා බූරුවෝ වගේ.ඩිස්ලයික් වලට ගෙවනවා ඇති සුවර් එකට

:       0       3

Sanjeewa Tuesday, 15 November 2022 11:58 AM

හරිම දුක හිතෙන පුවතක්!!! කාටවත් මෙහෙම නො‌වේවා!!!

:       1       71

Santhu Tuesday, 15 November 2022 12:46 PM

තුඃ විතරක්..නීතියෙන් කවදාවත් නියම දඞුවම නොලැබෙන නිසා මෙහෙම එවුන්ගෙ දෙපා කඩල අයිනක දාල තියන්න ඕන දිවිය පුරාවටම.

:       1       56

ranjith Tuesday, 15 November 2022 01:38 PM

මෙ වගෙ අපරාද කරන මුන්ට මරන ඳඩුවම දෙදෙ

:       0       35

Yasa Tuesday, 15 November 2022 01:55 PM

දෙදෙනාටම නිවන් සුව පතමි.

:       1       44

අජිත් කරුණාතලික Tuesday, 15 November 2022 02:16 PM

අනේ මේ පුංචි කෙල්ලගේ මූණ දකිද්දී පපුව හෝස් ගාලා දැවෙනවා. පවු අහිංසකාවි දුවටත් තාත්තාටයි අජරාමර නිවන්සුව. අයියෝ පුතේ

:       0       52

ganegoda Tuesday, 15 November 2022 02:32 PM

නිදහසේ පාරකවත් යන්න බැරි මුඩුක්කු ශ්‍රී ලංකාව ...

:       76       37

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 15 November 2022 02:37 PM

" රූමත් මල් කැකුල දිවි ජයගනු පිණිස ... පියා සමග පන්තිය වෙත ගෙන වෙහෙස ... ඉගෙනුම ගැන සිතා එය ජයගෙන විගස ... මැව් එම සොඳුරු සිහිනය බොඳ වුණි මෙලෙස ... "

:       0       42

පිටිගල මිලානෝ Tuesday, 15 November 2022 04:20 PM

හප්පලා පලා ගිය නරැමයා…..

:       2       24

Kumar (Gulf) Wednesday, 16 November 2022 12:56 AM

මේ බීමත් රියැදුරන්ට "රත්ගම" ප්‍රතිකාරය ලබා දිය යුතුය.

:       0       5

rishad Wednesday, 16 November 2022 09:08 AM

සක්කිලි බල්ලා හෙන ගහපන් තොට

:       1       7

sharm warn Wednesday, 16 November 2022 09:19 AM

ඇත්තටම කඳුළු ආවා .රෝස පොහොට්ටුවක් වගේ දුවෙක්.අම්මට මොන දුකක් ඇතිද .දුවේ ඔයාගේ තාත්තාටත් නිවන් සුව පතනවා .වැරදිකරු සමහරවිට නීතියේ සිදුරු වලින් රිංගලා යයි .හැබැයි එයා ආපහු ඇවිල්ලා හරි මේකට ගෙවන එක නම් අපිට නවත්තන්න බැරි වෙයි

:       0       6

gamsabaa Wednesday, 16 November 2022 09:45 AM

තව තවත් වැඩි වැඩියෙන් රට පුරාම තැබෑරුම් විවෘර්ත කිරීම ,මත්පැන් බෙදාහැරීමෙන් වලකින්න

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 417 0

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 151 0

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 1001 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 1423 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1564 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2586 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1257 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1525 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 399 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site