(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ නව මැගසින් බන්ධනාගාරයට මාංචු කුට්ටමක යතුරක් රැගෙනවිත් ඇත්තේ මිදිගම රුවන් නමැත්තෙකු බේරා ගැනීමට බවට මූලික පරික්ෂණයකින් අනාවරණය වී ඇතැයි දැනට ඒ සම්බන්ධයෙන් පරික්ෂණය සිදු කරන පොලිසිය පවසයි.
ප්‍රබල පාතාල කල්ලි නායකයකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මිදිගම රුවන් නමැත්තා අතට එම යතුර රහසිගතව පත් කිරීමට හිටපු පොලිස් කොස්තාපල්වරයකු මුදල් පසුම්බිය තුළ සඟවාගෙන ආ බව කියන හිටපු කොස්තාපල්වරයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .
මිදිගම රුවන් නමැත්තා බන්ධනාගාරයේ සිට අත්විලංගු දමා නඩු විභාගයට රැගෙන යන අතර වාරයේ මෙම යතුර උපයෝගී කරගෙන අත්විලංගු විවෘත කරගෙන පලා යෑමේ සැලැස්මක් තිබුණේ ද යන්න බලවත් සැකයක් මතුවී ඇතැයි බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
මෙම යතුර සඟවාගෙන ආ හිටපු කොස්තාපල්වරයා වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට භාර දුන් බව බන්ධනාගාරයේ එම උසස් නිලධාරියා කීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බන්ධනාගාරයට ගෙනා මාංචු යතුර ගැන තොරතුරු එළියට