(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සහල් ආනයන අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.
අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර වෙළෙඳ අමාත්‍යංශයේදී අද (11) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් දෙක ඉදිරිපත් වූ අතර එහිදී අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම තත්වය හමුවේ සහල් ආනයන කළ නොහැකි යැයි ආනයනකරුවන් අමාත්‍යවරයාට පවසා තිබේ.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයෙක් වන නිහාල් සෙනෙවිරත්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සහල් ආනයනික බද්ද අඩු කිරීමට හෝ සහල් මිල ඉහළ දැමීමට කළ යෝජනාව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කළ බවයි. ආනයනකරුවන් මේ වන විටත් සහල් ඇනවුම් කර මෙරටට ගෙන්වීමට කටයුතු කර ඇති බව නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ඌව සහ දකුණ් පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයේ දී අද (25) සිදුවු මාරක අනතුරකින් සිව්දරු මවක් අවාසනාවන්ත ලෙස පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විට මරණයට පත්ව ඇති බව පොලිස
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවෙසක් 3,40,00000 මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝ
නුවරඑළිය මහ නගර සභාවේ ජල අංශයේ සේවය නියුතුව සිට රාජකාරී අවසන් කර නිවස බලා යමින් සිටි නුවරඑළිය මහ නගර සභා වතු නිවාසයේ පදිංචි සෙල්වරාජ් නඩරාජ් වයස (අවු:44)
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ කුඩලිගම මහා විද්‍යාලයේ ශාලාවක් මතට අද (25) උදෑසන ගසක් කඩා වැටීමෙන් එම ශාලාවේ වහලට හා සෙවිලි තහඩුවලට දැඩි හානි සිදුව තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බද්ද සහල් ආනයනයට බාධාවක්?
රුවන් Thursday, 12 December 2024 07:30 AM
මාර කතාවේ, බද්ධත් අඩු කරාම මුන් කොහොමත් 200-250ටම දෙන්නේ, ලාභය ඩබල්. මාරු හොරුනේ. ලාභය 10%ට වැඩි නම් බදු ගහන්න ඕනේ ආනයනය කරුවන්ගෙන්. මිනිස්සු නේ මැරෙන්නේ මෙවා වලින්
nanda Thursday, 12 December 2024 07:50 AM
කොහොම හරි මිල වැඩි කරලා දෙයි
නිහාල් Thursday, 12 December 2024 08:11 AM
බද්ද නොකළ සහල් නැද්ද?
Bunny Preena Thursday, 12 December 2024 10:27 AM
කල දුටු කල වළ ඉහා ගැනීමට ගියාම වෙන දේවල් තමයි මෙවැනි සිදුවීම්
Kamal Koyrala Thursday, 12 December 2024 12:11 PM
එන්සීආර් විවෘත කරන කොට මේ බව නොකිවේ මන්ද සියලු සහල් වෙලෙන්දන්ගේ කුමන්ත්‍රණයක් ඔවුන් ඇනවුම් කළා නම් නැවත ඇනවුම් සඳහා එන්සිආර් වීවෘත නොකර එකී ඇනවුම් රජයට ගන්න
sene Thursday, 12 December 2024 03:24 PM
සෙනවිරත්න මේකත් පරණ ආන්ඩුවේ උගුලක්ද?