IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බිත්තර බද්ද අපි දාපු එකක් නෙමෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බිත්තර බද්ද ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් අලුතෙන් පැනවූ එකක් නොවේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පලිහේන මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජයට එරෙහිව ජනතාව පෙළ ගැස්සවීම දැන් බොහෝ අයගේ සිරිතක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

රටක් පවත්වා ගැනීම සඳහා රජයකට ආදායම් අවශ්‍යයි. ඒ අතර වැට් බදු විශේෂයි. මුළු ආදායමෙන් බහුතර ප්‍රමාණයක් වක්‍ර බදු වලින් ලැබෙන අතර වැඩි ප්‍රමාණයක් වැට් බදු වලින් ලැබෙනවා.

ඔන්ලයින් ක්‍රමයට ව්‍යාපාර කරන විශාල පිරිසක් ඉන්නවා. මෙයින් සමහර කොටසක් වැට් බදු වලට යටත් වන්නේ නැහැ. මේ සියලු ක්ෂේත්‍රවලට සම තලයක් නිර්මාණය කරමින් මේ සංශෝධන ඉදිරිපත් කරනවා.අපේ රට දුප්පත් වුනේ අපි පාලනය කරලා නොවෙයි.



අදහස් (11)

බිත්තර බද්ද අපි දාපු එකක් නෙමෙයි

Nirodha de silva Wednesday, 09 April 2025 12:34 PM

දැම්මේ කවුරු වුණත්, ඔයාලාට ඒක අයින් කරන්න පුළුවන් වෙයි...

:       0       28

යෝගා Wednesday, 09 April 2025 12:38 PM

කිව්වේ කොහොමද, සියලු ආහාර වැට් බද්දෙන් නිදහස් කරනවා කියලා. බිත්තර කියන්නේ ආහාරයක් නෙමෙයිද සීයේ?

:       0       29

ගුණරත්න Wednesday, 09 April 2025 01:07 PM

ඉතිහාසේ පළමු වතාවට බිත්තර සඳහා බද්දක් පැනෙව්වේ මේ ආණ්ඩුව, එහෙම කරලා දැන් අපි දාපු බද්දක් නෙවේ කියනවා? මොන වර්ගයේ බොරු කාරයෝ ද මේ? චේතිය රජ්ජුරුවොත් මුන් එක්ක ළඟින් තියන්න බැහැ.

:       4       31

Don perea Wednesday, 09 April 2025 01:23 PM

මාර උත්තර, අපි දෙන්නේ

:       2       32

පලිපාන Wednesday, 09 April 2025 01:27 PM

මේ රට දුප්පත් වුනේ අපි පාලනය කරල නෙවෙයි සහෝදරයිනි 1975 අප්‍රේල් 05 වෙනිදා සිට ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩු පාලනය කරද්දී ඒවා පෙරලා දැමීමට අපි විසින්ම කැරලි දෙකක් ඇතිකිරීම රජයේ දේපල වැනසීම විරුද්ධව සිටි ජනතාව මරාදැමීම සේවකයින් වැඩබිම් වලින් බැහැරව වර්ජනයන්ට යොමුකිරීම වගේ දේවල් අපිවිසින් අවුරුදු 53 ක් කිරීම නිසා කියල නුඹලට තේරුම්ගන්න බැරිද?

:       4       37

සිල්වා Wednesday, 09 April 2025 01:53 PM

ගාල්ලෙන් එක්කෙනෙක් බොරු කියනවා. දැන් අනුරාධපුරයෙනුත් කියනවා.

:       2       37

S. Udda Wednesday, 09 April 2025 02:37 PM

ඔහෙලා නොවෙයි නම් කිකිලි දාපු එකක් වෙන්න ඇති. මේ මිනිස්සු මෙහෙම ගිහින් කියාවි මහජනයා දාගත්තු බද්දක් කියලා...

:       2       31

Roshan Wednesday, 09 April 2025 02:51 PM

එහෙනම් ඒක එක පෑන් ඉරෙන් අයින් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවානේ..!

:       0       32

මැක්ස් Wednesday, 09 April 2025 03:03 PM

සෑම සියලු නුගුණ අනුන්ට පැටවීමටත්, අනුන් කළ හොඳ දේ තමන්ගේ ගිණුමට දමා ගැනීමටත් උත්සාහ කරන මෙවන් තකතීරු මෝඩ රැලක් ලෝකයේ වෙනත් කිසිම රටක නැතුව ඇති...!

:       1       34

Nandana Wednesday, 09 April 2025 06:12 PM

අනේ යන්න කවුද මේ...?

:       0       15

Bailable Champion Thursday, 10 April 2025 10:19 AM

අනේ අංකල් , ඔය ගොල්ලෝ හිතුවද අපි නරි නාවනවා කියලා? තොපි තමයි රටේ ඉන්න හොදම නරි ටික!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 757 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site