IMG-LOGO

බෑග් හොරා අල්ලන්න ගිහින් පිහි පහරින් මරුට

( තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)

ගම්පහ පහළගම මාර්ගයක ගමන් ගත් කාන්තාවකගේ  බෑගය සහ රන් මාලයක් කොල්ලකෑමට තැත්කළ,  කොල්ලකරුවකුගේ පිහි පාරට ලක්වූ 29 හැවිරිදි තරුණ විවාහකයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පහ, පහළගම ෙපදිංචිව සිටි රසික විනෝද් නමැති විවාහක තැනැත්තෙකු බව පොලීසිය සඳහන් කරයි.‍ෙ

යතුරු පැදියකින් පැමිණි යුවළක් මහමග ගමන් ගත් මියගිය පුද්ගලයාගේ බිරිය සහ තවත් යෙහෙළික මාර්ගයේ ගමන් ගනින්දී යතුරු පැදියකින් ආ යුවළක් බිරියගේ යෙහෙළිය අත වූ බෑගය සහ ඇගේ රන් මාලය කොල්ල කෑමට උත්සහ කර ඇත.

ඒ අවස්ථාවේ ඔවුන්ගේ කෑගැසීම ඇසී මරණ කරු ඇළු පිරිසක්   කොල්ලකරුවන් පසු පස හඹා යද්දී  කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය පෙරලී ඇත. ඒ අවස්ථාවේ ඔවුන් අල්ලා ගැනීමට යාමේදී කොල්ලකරුගේ පිහි ප්‍රහාරයට ලක් ව රෝහල් ගත කිරීමට යාන අතර තුර ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 

සිද්ධියට සම්බන්ධ සැකකරු සහ සැකකාරිය පොලීසිය හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.  



අදහස් (3)

බෑග් හොරා අල්ලන්න ගිහින් පිහි පහරින් මරුට

Bamunuarachchi Wednesday, 21 September 2022 06:20 PM

මම ඊයේ ATM එකෙන් මුදල් ගත්තා. හැබැයි අඟල් 9ක් දිග උල් පිහියක් මගේ පිටිපස්සේ ටී ෂර්ට් එකට යටින් තිබුණා. මගේ ආරක්ෂාව මම සලසා ගන්නවා...

:       0       0

damith Wednesday, 21 September 2022 08:40 PM

මේකටත් ඇප දෙයි නේද?

:       0       0

මහේෂ් Thursday, 22 September 2022 09:26 AM

ගම්පහ නගරය අවට ගම්මානවල ලයිට් කණුවල ලයිට් නැහැ. රෑට කට්ට කළුවරයි, පාරවල්... ප්‍රාදේශීය සභාවේ ලයිට් හදන්න එන අය කිසිම උනන්දුවක් නැහැ. ඕනෑවට එපාවට හදන්නේ.. ඒ හැදුවත් දවසයි, දෙකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 516 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 695 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 282 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site