IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පොසොන් ‍පොහොය අදයි

 

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිහිපත් කෙරෙන පොසොන් පොහොය අදට (21) යෙදී තිබේ.

පොසොන් පෝය නිමිත්තෙන් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රැසකම ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් අද පැවැත්වෙන අතර ඊට බැතිමතුන් දස දහස් සංඛ්‍යාවක් සහභාගි වෙමින් සිටින බව වාර්තාවේ.

අනුරාධපුරය සහ මිහින්තලේ පූජාභූමිවලට දිවයිනේ නන්දෙසින් දස දහස් සංඛ්‍යාත පිරිසක් ඊයේ 20 වැනිදා පෙරවරුවේ සිටම පැමිණෙමින් සිටියහ.

බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබූ අතර පූජා භූමිය ආසන්නේ දන්සල් රැසක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණ.

පොළොන්නරුව තන්තිරිමලය කැලණි රාජමහා විහාරය මාතලේ අළු විහාරය ඇතුළු දිවයිනේ ප්‍රධාන වෙහෙර විහාරස්ථාන රැසකම අද දිනයේ දවස පුරා ආගමික වතාවත් හා විවිධ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර දිවයින පුරා දන්සල් රැසක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව ද විවිධ ප්‍රදේශවලින් වාර්තාවේ.

බත් ඔසු පැන් තේ පැන් සහ විවිධ ආහාර වර්ග එම දන්සල්වලින් පිරිනමන අතර දිවයින පුරා පවත්වන දන්සල් විසි දහසකට අධික සංඛ්‍යාවක් ඊයේ (20 ) පස්වරුව වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතේ ලියාපදිංචි කර තිබිණ.

මේ අතර දිවයිනේ ප්‍රධාන නගර රැසකම පොසොන් තොරණ ප්‍රදර්ශනය කෙරෙන අතර පහන් කූඩු සංදර්ශන භක්ති ගීත වැඩසටහන් සහ මිහිඳු මහ පෙරහර ආදී විවිධ වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබෙන අතර ඊට බොහෝ පිරිසක් සහභාගී වී සිටිති.

කොළඹ සහ තදාසන්න නගරවල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක්ම ඊයේ දිනයේදීම දන්සල් පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.

 



අදහස් (0)

පොසොන් ‍පොහොය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාරයා ග්‍රීස් ගහෙන් එයි
2025 මැයි මස 01 17 0

බලන්ගොඩ වෙිිවැවත්ත ප්‍රදේශයේ අවුරුදු උත්සවයක ගිිස් ගස සිටු විමට ගිය තරුණයෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි වෙිිවැවත්ත පොලිසිය පැවැසීය.


මරදාන -කොටුව අතර දුම්රියක් පීලි පනියි
2025 මැයි මස 01 46 0

මරදාන හා කොටුව අතර අද (01) පෙරවරුවේ මගී දුම්රියක් පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.


වැඩකරන ජනතාවගේ වේදනාකාරී යුගය අවසන්
2025 මැයි මස 01 119 0

වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බ


ලස්සන රටක් හදන්න එක්ව පොර බදමු
2025 මැයි මස 01 121 0

“ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා කම


අද කාලගුණය
2025 මැයි මස 01 108 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ ටිල්වින් හමු වෙති
2025 මැයි මස 01 424 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද හමු වූහ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 298 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 81 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1107 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site