IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පොහොර ඉල්ලා මීගලෑව ගොවියෝ උද්ඝෝෂණයක

(නිහාල් ජයවීර )

මීගලෑව මහවැලි කොට්ඨාසයේ පහළගම  ගොවි සංවිධානයේ ගොවිහු පිරිසක් පොහොර හිඟයට විසඳුම් ඉල්ලා ඊයේ (18) රාත්‍රීයේ ගිනි මැල ගසාගෙන හා හුළු අතු දල්වාගෙන පහළගම කුඹුරු යායේ උද්ඝෝෂණයක් කළහ.

සිය ගොවි සංවිධානය යටතේ ඇති කුඹුරු ඉඩම්වලට මෙවර යල් කන්නයේ යූරියා පොහොර ඇටයක්වත් ලැබි නැති බව ද මේ නිසා ගොයම් වගාව මෙන්ම බඩඉරිඟු ඇතුළු අතිරේක භෝග වගාවන් ගෙන් නියමිත අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිි ඇති බව ගොවීහු කියති .

විවිධ සටන් පාඨ ලියු පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ද සටන් පාඨ කියමින් ද, කෘෂිකර්ම ඇමැතිවරයාගේ රූප ආකෘතිය අනුව පඹයෙකු ප්‍රදර්ශනය කරමින් ඔවුහු මේ උද්ඝෝෂණය පැවැත් වූහ .



අදහස් (0)

පොහොර ඉල්ලා මීගලෑව ගොවියෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site