(රංජිත් රාජපක්ෂ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පස්බාගේ සහ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ද බෝම්බ පුපුරණ බව ලද විද්‍යුත් පණිවිඩයක් නිසා සිදු කළ මෙහෙයුමේ දි එවැනි සැක කටයුතු කිසිවක් සොයාගැනීමට නොහැකි වු බව පොලිසිය කියයි.
නාවලපිටිය පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ පොදු ඊ මේල් ගිනුමට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය අද හදිසි පරික්ෂාවට ලක් කළද සැක කටයුතු කිසිවක් හමු නොවූ බව පොලිසිය කියයි.
නාවලපිටිය පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වෙත එම ඊ මේල් පණිවිඩයට අනුව විදේශ රටකින් ලද කූඩාරමක් තුළ බෝම්බයක් ඇති බවත්, එය (29) දින පස්වරු 2:00ට පුපුරා යන බවට සදහන්ව තිබූණි.
වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශිය ලේකම්වරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිටි පිරිස ඉවත් කර ඒ පිලිබදව ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන්නාය.
මේ අතර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අද (29) යම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ලද විද්‍යුත් පණිවිඩය ව්‍යාජ එකක් බවට විමර්ශනවලදී අනාවරණය වී යැයි පූජා පිටිය පොලිසිය සඳහන් කරයි
එනමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය


2025 දෙසැම්බර් මස 30
19
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
702
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පස්භාගේකෝරල - පූජාපිටිය සභාවලටත් බොරු බෝම්බ බියක්