IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පාසල් සිසු වලියෙන් ළමා දිනයත් හබක්

(මලිත් රාජපක්ෂ) 

කන්තලේ ජාතික පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුන් තිදෙනකු තුවාල ලැබූ අතර ඉන් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ශල්‍ය කර්මයකට භාජනය කිරීමත් සමග අද (01) එම විද්‍යාලයේ පැවැත්වීමට තිබූ ලෝක ළමා දින වැඩ සටහන්වලට සිසුන් බහුතරයක් සහභාගී නොවී පාසල් පැමිණීමෙන් වැලකී සිටි බව විදුහල් ආරංචි මාර්ග කියයි.

තුවාල ලැබූ සිසුන් තිදෙනා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යකඩ පොලු පහරකින් හිසට බරපතල හානි සිදුවූ සිසුවා ත්‍රිකුණාමලය මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හිසේ සිදුවු අභ්‍යන්තර රුධිර වහනය වැළැක්වීම සඳහා ශල්‍ය කර්මයකට භාජනය කිරීම සදහා සිසුවා කඩිනමින් මඩකලපුව ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බව රෝහල් බලධාරීන් පැවසූහ .

සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි දුරකථන අංකයට ලද ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ කන්තලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඩබ්.එල්. ලක්මාල් විජේරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විදුහලට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.

ගැටුම සිදුවූ ගොඩනැගිල්ලේ ඉහළ මහලයේ ලේ පැල්ලම් ගැටුමට භාවිතා කළ දෑ පිළිබඳ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

 



අදහස් (5)

පාසල් සිසු වලියෙන් ළමා දිනයත් හබක්

කව්ද බෝයි Wednesday, 01 October 2025 04:02 PM

ලෝක ළමා දිනය ජාත්‍යන්තර ප්‍රමිතියෙන්ම සමරලා තියෙන්නේ.

:       0       54

දිමුත් Wednesday, 01 October 2025 04:37 PM

මේ අයට කවුද "ළමයි" කියන්නේ?

:       0       38

ගුණරත්න Wednesday, 01 October 2025 05:20 PM

ආණ්ඩුව අලුත් නීති ගේනවා මේ පොඩි සාතන් පැටවුන්ට කිරිදීලා හදන්න කියල, පොඩි කාලේ හොඳට තරවටුවක් දඬුවම් නොකර හදන ළමයින්, ඉතා සුළු දෙයටත් හිත රිදවාගන්න ඉක්මනින් තරහා යන පරපුරක් වෙනවා, දැනටත් බටහිර ඔය විදිහේ පරපුරක් ඉන්නවා. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ වලින් වෙන්නෙත් ඕකම තමයි.

:       0       0

Chinthaka Wednesday, 01 October 2025 05:46 PM

දිමුත් කියනදේ හරි මොකද අද ළමා දිනය පමණක් නොවෙයි වැඩිහිටි දිනත් අදනේ අර පනත බලාත්මක නැතිව ඔහොම නම් පනත ක්‍රියාත්මක වුණොත් කොහොමට හිටීද ඔහොමම යන්කෝ....

:       0       25

Lal Wednesday, 01 October 2025 09:52 PM

ගොඩේ හාල් පාරුවෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site