IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පොලිස් නිලධාරීන්ට පිහි ඇනුම් කළ හරක් හොරුන් අත්අඩංගුවට

(අතුල බණ්ඩාර)

අනුරාධපුර , පරසන්ගස්වැව,දිවුල්වැව,සියඹලැව  ප්‍රදේශයේදී  අද (28) අලුයම හරක් හොරුන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරුන්  දෙදෙනෙකුට හා ඔත්තුකරුවෙකුට  පිහි වලින් ඇන තුවාල සිදුකර පලායාමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය පවසයි.

තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන්  දෙදෙනා හා ඔත්තුකරු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාද රෝහල්ගත වීමට අවශ්‍ය බව පැවසීමෙන් ඔවුන් දෙදෙනාද රෝහල් ගතකළ බව පොලිසිය කියයි.

පරසන්ගස්වැව ප්‍රදේශයේ බහුල වශයෙන් රාත්‍රී කාලයේදී මස් පිණිස මැරීමට හා විකිණීමට  හරකුන් සොරකම්කිරීම සිදුවෙන බවට නිතර පැමිණිලි ලැබෙන නිසා ඒ ගැන සොයාබලා සොරුන් අත්අඩංගුවට ගන්නැයි උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයට ලබා දි තිබු උපදෙස් අනුව මෙම වැටලීම සිදු කර තිබිණි.

 



අදහස් (3)

පොලිස් නිලධාරීන්ට පිහි ඇනුම් කළ හරක් හොරුන් අත්අඩංගුවට

WCA Friday, 28 May 2021 12:24 PM

ඕක අල්ලපු පොලිස් නිලධාරීන්ට තවත් හරකෙක් අනින්න වගේ හදන්නේ... නැත්නම් කොහොමද මෙහෙම වෙන්නේ?

:       0       3

සෙනෙවිරත්න Friday, 28 May 2021 03:41 PM

මාංචු දාපු අය මරණවා වගේ ලේසි නැහැ... හරක් හොරු අල්ලන එක, ඒකයි මේ කතාවෙන් අපට කියන්නේ...

:       0       2

janahitha Saturday, 29 May 2021 06:26 AM

මස් පිණිස හා විකුණනන් අරන්යන ගවයින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 634 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2316 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site