IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


පොලිස්පතිට තෙවන වරටත් සේවා දිගුවක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද (13) සිට සති 3ක කාලයක් සඳහා සේවා දිගුවක් ලබාදී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ජනාධිපති ලේකම්වරයා විසින් මෙම සේවා දිගුව අත්සන් තබා ඇතැයි පොලිස් මූලස්ථානය  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මීට පෙර මාස තුන බැගින් වූ සේවා දිගු දෙකක් ලබා සිටි සී'. ඩී. වික්‍රමරත්න මහතා අවසන් සේවා දිගුව නිමවී විශ්‍රාම ලැබුවේ ඉකුත් 25 වැනිදාය.

 



අදහස් (17)

පොලිස්පතිට තෙවන වරටත් සේවා දිගුවක්

Perera Saturday, 14 October 2023 03:08 AM

පොලිස්පති තනතුරට නීත්‍යානුකූල සුදුසුකම් තියෙන නියම පුද්ගලයාව පත්කර ගන්න බැරි ආණ්ඩුවක්...

:       1       3

SAMAN Saturday, 14 October 2023 06:30 PM

අධිකරණ චෝදනා තිබෙන්නා වූ කෙනෙකු පොලිස්පති තනතුරට පත්කරනවාට වඩා වර්තමාන පොලිස්පතිවරයා එම තනතුරේම වැඩබැලීමට සේවා දිගුවක් ලබාදීම වැදගත්. අධිකරණ චෝදනා ලද පුද්ගලයන පොලිස්පති වැනි තනතුරකට පත් කිරීම ලංකා පොලිසියට සහ සියලු නිලධාරීන් දැනුවත්ව ඔවුන්ගේ ප්‍රධානියා වරදකරුවකු/ චෝදනලද පුද්ගලයකු වීම සුදුසු නැත. චෝදනා නොමැති මුස්ලිම් හෝ ද්‍රවිඩ සම්භවයක් සහිත පුද්ගලයකු පොලිස්පතිවීමට අවස්ථාව ලබාදිය යුතුවේ...!

:       0       3

C.K.Lankaputhra Saturday, 14 October 2023 05:17 AM

ශ්‍රි ලංකා ඉතිහාසයේ මහා පොලිස් කෝලමක්...

:       0       5

සීරිසෙන Saturday, 14 October 2023 06:54 AM

ලංකාවේ එකම සුදුස්සා මෙයා විතරයිද..?

:       0       5

Sachith Saturday, 14 October 2023 09:17 AM

දේශබන්දුට ග්‍රහ අපලයක්වත්ද?

:       2       1

Nimal Saturday, 14 October 2023 09:18 AM

පින් ජනාධිපතිටත් මේ ලෙසම සේවා දිගු ලැබෙයිද? නැතිනම් ජනතාව ඔහුව පන්නයිද?

:       1       3

මරික්කාර් Saturday, 14 October 2023 10:09 AM

පොලිස් සේවයේ මේ තනතුර පිරවීමට සුදුසුකම් ඇති උසස් නිලධාරී කෙනෙක් නැද්ද? මෙයින් තේරෙන්නේ සේවයේ සිටින සුදුස්සන්ව පත් නොකර ආණ්ඩුව පටු අරමුණු ඉටු කිරීමට ආණ්ඩුව කරන මේ ක්‍රියාව ජනතාවට හා රටට සාපයක් නේද?

:       1       4

G. K. Ekanayake Saturday, 14 October 2023 11:33 AM

ඔබතුමා දිගටම ඉන්න අනේ. පොලිසියට ඕනෑ විදිහට වැඩ කරගෙන යන්න පුළුවන් ඔයා ඉන්නකොට. උන්නත් දාහයි, මලත් දාහයි...!!!

:       1       8

sriyal Saturday, 14 October 2023 01:11 PM

ආණ්‌ඩුව අසරණ වෙලා...

:       1       3

ගමේ එකාලා Saturday, 14 October 2023 03:17 PM

පොලිස්පතිකමට තවම හරිහමන් සුදුස්සෙක් පත්කර ගන්න බැරි ආණ්ඩුවක්?

:       1       5

PATTA hora Saturday, 14 October 2023 03:32 PM

පොලිස්පතිවරයෙක් පත්කරගැනීමට බැරිතරම් දූෂිත ආණ්ඩුවක්. දූෂිත පොලිසියක් තේමාව ඔස්සේ ඉදිරියට...!

:       1       6

විහඟ Saturday, 14 October 2023 04:23 PM

පොලිසියේ ඉහළ ඇවරියේ කවුරුවත් මේ තනතුරට සුදුසු මිනිස්සු නෑ. මෙයාට පස්සේ ඉන්න සීනියර් අයගෙන් එක්කෙනෙක් අධිකරණයෙන් වැරැදි කාරයෙක් වූ කෙනෙක් තව එක්කෙනෙක්ට නඩු තොගයකි... තියන අත්අඩංගුවට ගන්න කියලා නීතිපති උපදෙස් පවා ලැබිච්චි එක් කෙනෙක් ලලිත් පතිනායක, රන්මල් කොඩිතුවක්කු කියන දෙන්නා තමයි ඊළඟට ඉන්නේ ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් දානවා නම් හරි...

:       0       1

G. K. Ekanayake Saturday, 14 October 2023 06:04 PM

DIG මුදිත පුස්සැල්ල කවදත් නීතිගරුකව වැඩකළ නිලධාරියෙක්. චෝදනා ඇති අයට වඩා එතුමා හොඳයි...

:       2       1

Susil KulasinghageSunday, 15 October 2023 06:15 PM

පොලිස්පති තනතුරට නිලන්ත ජයවර්ධන මහතා සුදුසුයි

:       0       0

Susil KulasinghaSunday, 15 October 2023 06:22 PM

දක්ෂ හා හොඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිලන්ත ජයවර්ධන මහතාය

:       0       0

Kasun Sunday, 15 October 2023 04:32 AM

ජ්‍යෙෂ්ඨතා ලැයිස්තුවට අනුව 1, 2 සහ 3 නිලන්ත, පතිනායක සහ තෙන්නකෝන් වේ. 4, 5 සහ 6 ප්‍රියන්ත, ධර්මරතන සහ මැදවත්ත. 1, 2 සහ 3 අතර සුදුසු පුද්ගලයෙක් නොමැති නම්, 4, 5 හෝ 6 සිට පොලිස්පතිවරයෙකු පත් කිරීමට අධිකාරියට නොහැක්කේ ඇයි?

:       0       0

පොලිස් කෝළමා Sunday, 15 October 2023 08:59 PM

බඳවා ගැනීමේ පටිපාටි (Scheme of recruitment) යේ අඩු ලුහුඬුකම් වල යම් ගැටලු සහගත තත්වයක් පවතින්නේ දැයි සැකයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site