නාලක සංජීව දහනායක
එක් දේශපාලන කණ්ඩායමක උවමනාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්කරවා නිස්කාරණේ මහජන මුදල් කාබාසීනියා කිරීම සම්බන්ධ වගකීම කතානායකවරයා විසින් බාරගත යුතු යැයි අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (7) පැවැසීය.
මේ වනවිට දින පහක කාලයක් පර්ලිමේන්තුව රැස්කිරීම වෙනුවෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වියදම්ව තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදි මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම අත්සන් කළත් නැවත රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිවරයා කිහිප විටක්ම පවසා තිබෙනවා. එහෙමනම් අගමැතිධූරය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් වෙනත් පුද්ගලයකු නම් කිරීමෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇතිවී තිබෙන අර්බුදය විසඳාගන්න පුළුවන්කම තිබෙනවා. කොහොම නමුත් මේ අර්බුදය නිර්මාණය කළේ එක්සත් ජාතික පක්‍ෂයයි.
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී කණ්ඩායමකගේ සහය හිමිව තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. ඒ සඳහා දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කරන බව අජිත් පී. පෙරේරා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා දින වකවානු සහිතව කිව්වා. එහෙමනම් ඔය කියන බහුතරය ජනාධිපතිවරයාට පෙන්වීමෙන් මේ ප‍්‍රශ්නය විසඳාගන්න පුළුවන්.
නමුත් අද වෙනකම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න ඔවුන්ට බැරිවෙලා තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව පෙන්නුවොත් ඒ අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න තියා රනිල්, සජිත්, කරූ එකම වේදිකාවකට ගේන්න එක්සත් ජාතික පක්‍ෂය බැහැ.
මේ වනවිට නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ බරපතල අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වැනිදාට පෙර ඔවුන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව එළවන්න සටන් කලා. නමුත් මේ ඇතිවුණ දේශපාලන පෙරළියේ දී එක්සත් ජාතික පක්‍ෂය රකින්නත් ඔවුන් පුදුම වෙහෙසක් ගන්නවා.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිට ශ්‍රී ලංකා නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
කොළඹ මහ නගර සභාවේ සභික ධූර 117 සභික ධූර 48ක් ලබා ගැනීමට ජාතික සමගි ජනබලවේගය සමත්විය. විපක්ෂයේ සෙසු කණ්ඩායම් සභික ආසන 69 දිනා ගත්හ.
හැටන් තැපැල්කාර්යාලය සහ සන්නිවේදන පියසේ ඉහළ මහලේ ඡන්ද ගණනය කිරිමේ මධ්‍යස්ථානයට බලහත්කාරයෙන් ඇතුලු වූ පිරිසක් ඉන් ඉවත් කර දැඩි පොලිස් ආරක්ෂාව යටතේ ඡ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘පාර්ලිමේන්තු රැස්කර මහජන මුදල් නාස්ති කිරීම ගැන කතානායක වගකිව යුතුයි’