IMG-LOGO

පාර්ලිමේන්තුව කල්තබයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කටයුතු අද (5) පැය හතරකට පමණ සීමාවිය.

පාර්ලිමේන්තුවේ කටයුතු මෙසේ පැය හතරකට  සීමාවූයේ  මුලසුනේ සිටි නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුව හෙට (6) පෙරවරු 10.00 දක්වා කල් තබනු ලැබීම නිසාය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට පමණ ආරම්භ වූ අතර එය මෙසේ කල් තබනු ලැබුවේ  පස්වරු 2.10ට පමණය.

වෙනත් වැඩකටයුතු නැති හෙයින් සභාව කල් දමන්නැයි සභානායක දිනේෂ් ගුණවර්ධන  මහතා මෙහිදී  මුලසුනෙන්  ඉල්ලීමක් කළේය.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් පැවසුවේ  තමන්ගේ තවත් කථිකයන් සිටින හෙයින් සභාවේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යන ලෙස ඉල්ලීමක් කරන බවයි.

එහෙත් සභානායකවරයා ඊට එකඟ වූයේ නැත.

පාර්ලිමේන්තුවේ ඊයේ සාකච්ඡාවට ගැනුණේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳවය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් එහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

පාර්ලිමේන්තුව කල්තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 321 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 495 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 197 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site