IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදය ස.ජ.බ වර්ජනය කරයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය  විවෘත කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ  විවාදය සමගි ජන බලවේගය පක්ෂය අද (9) වර්ජනය කළේය.

එම පක්ෂය පාර්ලිමේන්තුව විවෘත කිරීමේ  උත්සවයද වර්ජනය කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභාවාරය විවෘත කළේ  හෙට (10) දිනයේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය  හෙට (10) දිනයේත්  පැවැත්වේ.විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ විවාදයේදී  අදහස් දැක්වූහ.

මේ අතර මෙම විවාදයට සහභාගි වන්නේ දැයි අප ජාතික ජන බලවේගය  පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ  ඊයේ  විවාදයට තම මන්ත්‍රීවරුන්ට  සහභාගිවීමට නොහැකි වුවත් අද දිනයේ විවාදයට සහභාගිවන බවයි.



 

 



අදහස් (1)

ප්‍රතිපත්ති ප්‍රකාශය විවාදය ස.ජ.බ වර්ජනය කරයි

යෝගා Thursday, 09 February 2023 02:23 PM

විපක්ෂ නායක අමු ජෝකරයෙකුට අඳින්නයි යන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site