(යොහාන් භාසුර)
රැකියා වෙළෙඳපොළට සරිලන පරිගණක උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය පසුගියදා ගිවිසුමකට අත්සන් තැබීය.
ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස උසස් පෙළ විභාගය සාමාන්‍ය සාමාර්ථ 3 ක් සමග සමත් තරුණ තරුණියන්ට මෙම උපාධි පාඨමාලාව සදහා ඇතුළත් විය හැකි බවත් පුහුණු මධ්‍යස්ථාන 75 කදී මුල් අදියර යටතේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් 2000 ක් බඳවාගැනීමට නියමිත බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා මහතා පැවසීය.
මෙම ව්‍යවහාරික තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා ලබන ඔක්තෝබර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කී තිරාන් ද සිල්වා මහතා විදේශීය රැකියා වෙළදපොළ මෙන්ම දේශීය රැකියා වෙළදපොළේ ද තොරතුරු තාක්ෂණ රැකියා සදහා සුදුසුකම් සහිත රැකියා අපේක්ෂකයින්ගේ හිඟය පියවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ද සඳහන් කළේය.
මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම්
විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සභාපති ඉංජිනේරු රංජිත් රූබසිංහ, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක, සැලෑස්කොම් ආයතනයේ සභාපති අශීක් අලී සහ ට්රේස් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සංකල්ප ගම්වර්ගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පරිගණක උපාධිධාරීන් බිහිකිරීමට තරුණ සේවා සභාව - එස්.එල්.ටී.සී. එක්වෙයි