වසංගතය හේතුවෙන් පැය 24ක් ඇතුළත 2,228 දෙනකු මරණයට පත්වීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 28,446ක් දක්වා ඉහළ ගොස් ඇත.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම මරණ ගණනක් සහ ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
අඟහරුවාදා, එනම් ඊයේ (14) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා මරණ 2,228ක් වාර්තා විය. ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඕනෑම රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම මරණ ගණන එය විය.
රොයිටර්ස් පුවත් සේවය අද (15) පස්වරු 5.40 වනවිට නිකුත් කළ දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන 607,794ක් විය.
ලොව තෙවැනියට වැඩිම ජනගහනයක් සිටින රට වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන වෙනත් ඕනෑම රටකින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ ගණන මෙන් තුන් ගුණයකි.
අවසන් වරට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ පසුගිය සිකුරාදා ය. එදින ඇමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 2,069ක් විය. කොරෝනා වයිරසය හේතුවෙන් ඕනෑම රටකින් මරණ 2,000කට වඩා වැඩියෙන් වාර්තා වූ පළමු අවස්ථාව එය විය.
(055)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පැය 24 ක් තුළ ඇමෙරිකාවේ කොරෝනා මරණ 2,228 ක්
thush Wednesday, 15 April 2020 03:58 PM
මෙයටත් වඩා තත්ත්ව ඉදිරියට ලැබිය හැක. ඔවුන්ට ඇති සදිසිය මෙය දෙගුණ, තෙගුණ කල හැක.... අපිත් හදිසි වීම ගැන පරිස්සම් වීම ඇති මහත්ය.. අප හරියට 'PCR' පැතිරී යන පරීක්ෂණ පටන් ගත්තේ ,මෙම සතියේ ලගදීය..