
(විමුක්ති එස් රුද්‍රිගු)
ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නෛතික බලය එපික් ලංකා සමාගමට ලැබෙන අයුරින් එම සමාගම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමක් අත්සන් කර තිබෙනවාදැයි සෙවීම සඳහා වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මාධ්‍ය හමුවකදී ජන අරගල සන්ධානය රජයෙන් ඉල්ලීමක් කළේය.
මෙරට ඇතිවූ විදේශ ගමන් බලපත්‍ර හිඟයට විසඳුමක් ලෙස ගෙන්වූ විද්‍යුත් චිපය රහිත ගමන් බලපත්‍ර 750,000 ප්‍රමාණය නිකුත් කිරීමේදී එක් ගමන් බලපත්‍රයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1.45 ක මුදලක් එපික් ලංකා සමාගමට ගෙවීමට සිදුව ඇති බවත් මෙම ගෙවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 10 ක පමණක් මුදලක් නාස්ති වන බවත් ඔහු ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට කැඳවූ ටෙන්ඩරයේදී එක් විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අවම මිල සඳහන් කළ තේල්ස් සමාගමට සහ එම සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතයා වූ ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමාගමට ටෙන්ඩරය හිමි වුවත් ටෙන්ඩරය කැඳවීමේ ප්‍රශ්නයක් තිබෙන බව පවසමින් එපික් ලංකා සමාගම අධිකරණය යෑම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර හිඟයක් මෙරට ඇතිවූ බව එහිදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුබුදු ජාගොඩ කළ හෙළි දරව්ව
de silva berlin Sunday, 27 October 2024 10:11 PM
ගමන් බලපත්‍රය ලංකාවේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට හෝ පුද්ගලික සමාගමකට මුද්‍රණය කරන්න බැරිද?
මිලින Monday, 28 October 2024 05:58 AM
මොන අරගල කළත් කොතරම් පුබුදු කිව්වත් කිසිදාක ජනතාව නොපිළිගන්නා ජනතා ඡන්දයෙන් මන්ත්‍රී තනතුරක් ගැනීමට නොහැකි රටට වැඩක් නැති පුද්ගලයෙක්....
පිටරටවැසියා Monday, 28 October 2024 03:11 PM
මිලින, ඔයා හරියටම හරි. කොටින්ම මේ ගොල්ලන්ගෙ සාමාජිකයින්වත්, මීටින්වල හිටපු එක්කෙනක්වත් ගිය ජනපතිවරණයේදී මේගොල්ලන්ට ඡන්දය දුන්නෙ නෑ. ඉදිරි මැතිවරණවලදී දෙන්නෙත් නෑ, නෑමයි...