IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැපිලියානේ මුරකරු ඝාතකයා නවත් වැරදි රැසක් කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පැපිලියාන  ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ  මුරකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි  තරුණයා  ඔහුව සපා කෑ සුනඛයෙකු ගේ ගෙල කපා හිමිකරුගේ වත්තට එම ගෙල කොටස දැමීම සහ ඔහුගේ මවට පහරදී අත කඩා දැමීමේ චෝදනාවට ලක් වූවකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ අළුබෝමුල්ල පමුණුගම පදිංචිව සිටි සික්කු හේවගේ පියදාස ඩයස් (80) යන අය ඉකුත් 15 දා ඝාතනය කෙරෙිණි.

 ඒ  සම්බන්ධයෙන් 17 හැවිරිදි ප්‍රධාන සැකකරු හා වැල්ලම්පිටිය මීතොට මුල්ල 16 හැවිරිදි අනෙක් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහේස්ත්‍රාත් සංජය  සිල්වා මහතා විසින් මෙම මස 29 වෙනිදින  දක්වා රිමාන්ඞ් භාරයට පත් කෙරිණි.

මුරකරුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 17 හැවිරිදි  තරුණයා පවත්වාගෙන යන පෙම් සබඳතාවයක්  මුරකරු විසින් එම මධ්‍යස්ථානයේ  කළමනාකාරිණියට දැනුම් දීමත් සේම , එයට විශාල ලෙස බාධාවක් වීම හේතුවෙන් සිතේ ඇති වූ වෛරය හේතු කොටගෙන  16 හැවිරිදි  තරුණයාත් සහභාගී කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බව එම නිලධාරියා කිය.



අදහස් (2)

පැපිලියානේ මුරකරු ඝාතකයා නවත් වැරදි රැසක් කරලා

රම්බොඩ Wednesday, 23 October 2024 01:35 PM

මොහු මනෝ වෛද්‍යවරයෙකුට භාර දිය යුතුයි.

:       2       43

hasith Wednesday, 23 October 2024 03:15 PM

එහෙම වැරැදි කරපු පුද්ගලයෙක් කොහොමද? ළමා නිවාසයක තියාගෙන ඉන්නේ. පුනරුත්ථාපනය කඳවුරක හරි.., හිරේ ඉන්න ඕනෑ... මේ වගේ විෂබීජ සමාජයේ නිදහසේ ඉන්න දීමෙන් තවත් ජීවිත විනාශ කරන එකනේ වෙන්නේ...

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site