(චමිල් රූපසිංහ)
විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක 100කට අධික පිරිසක් රවටා රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් අද (14) අත්අඩංගුවට ගනු ලැබීය.
මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කළ දැනුම්දීමක් මත මධ්‍යම දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මාස කිහිපයක් විමර්ශනය කිරීමෙන් පසු සැකකරු පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
නම් ගණනාවකින් පෙනී සිටි ඇති මෙම සැකකාර පුද්ගලයා මල්වතු මහනාහිමියන් ලෙස හා අක්ෂි ශල්‍ය විශේෂඥවරයෙකු, ඉංජිනේරුවරයෙකු, විශ්ව විද්‍යාල ආචාර්වරයෙකු ලෙසද පෙනී සිට ඇති බවත් මෙම සැකකරු මහනුවර,මහරගම,කඩවත අනුරාධපුර,ගාල්ල,මාතර, ,වත්තේගම,තෙල්දෙණිය ආදි ප්‍රදේශ ගණනාවක පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවද පොලිස් විමර්ශන වලදි තහවුරු වි ඇත.
මොහු 2016 සිට පදිංචි ප්‍රදේශ වෙනස් කරමින් අදාළ වංචාව සිදුකර තිබෙන බවත් යුරෝපීය රටවල් සහ ජපානයේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා මල්වතු මහනාහිමියන් සහ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ ගණනින් ගිණුම් කිහිපයකට මුදල් ගෙන්වාගෙන තිබෙන බව ද පොලිස් පරික් ෂන වලදි අනාවරණය වි ඇත.
සැකකරු හා සම්බන්ධතා පැවැත්වූ එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ලබාගත් තොරතුරු මත පොලිස් නිලධාරියෙකු ජපානයේ රැකියා අවස්ථාවක ලබා ගැනීමට අවශ්‍ය බව පවසා සැකකරු හා සම්බන්ධ වී තිබෙන අතර දික්කසාදව සිටින කාන්තාවන් හා මිතුරුකම් ගොඩනගාගෙන ඔවුන්ගේ ගිණුම් වලට මෙම මුදල් ගෙන්වාගෙන තිබෙන බවත් එවැනි කාන්තාවන් සිව් දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් පොලීසිය ඒ ඔස්සේ පරීක්ෂණ සිදුකර ඔහු අත්අඩංගුවයට ගෙන ඇත.
ඉඩම් විකිණීම සඳහා පුවත්පත් වල පලකරන දැන්වීම් බලා ඒවාහි අංක වලට අක්ෂි ශල්‍ය වෛද්‍යවරයා ලෙස හා මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බව කියමින් මෙම පුද්ගලයා එම පුද්ගලයින්ට කතාකර තිබෙන බවද පොලීසිය පැවසීය.
ඉඩම් හිමියන් අමතා ඉඩම පිළිබඳ විස්තර දැන ගැනීමෙන් පසු තමන් යුරෝපීය රට වලට මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේද සහය මත පුද්ගලයින් යොමුකරන බව දන්වා සැකකරු ඔවුන් වංචාවට හසු කරගන්නා බව පරීක්ෂණ මගින් හෙළිවී ඇත.
සැකකරු ග්‍රාම නිලධාරීන්ද නොමඟ යවා 1979 වර්ෂයේ උපන් බවට වෙනත් නමකින් ජාතික හැඳුනුම්පතක්ද සකස්කරගෙ ඇති අතර රැකියා අවස්ථා ලබා ගැනීමට කැමැති වන පුද්ගලයින්ට මොහු විශේෂ පෝරමයක් යොමුකර ඔවුන්ගේ තොරතුරු,ජාතික හැඳුනුම්පතේ හා විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් විද්‍යුත් ලිපිනයක් ඔස්සේ ගෙන්වා ගෙන තිබේ.එම ජාතික හැඳුන්ම්පත් වල ඡායාපිටපත් උපයෝගිකර ගනිමින් ඔවුන්ගේ නම් වලට සැකකරු දුරකතන සිම්කාඩ් මිලට ගෙන ඇති බවද පොලිස් පරික්ෂන වලදි තහවුරු වි ඇත.
සැකකරු සමග සිම් කඩ්පත් 22 ක් හා ජංගම දුරකතන 07 ක් ද පොලීසිය භාරයට ගෙන තිබෙන අතර ප්‍රථමික අධ්‍යපනය පමණක් ලබා තිබෙන සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයේ ස්ටිකරයක් සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් පරිහරණය කර ඇති අතර එයද පොලිස් භාරයට ගැනිමට . මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය සමත් වි ඇත
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුද්ගලයින් රවටා මුදල් ගැරූ අයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට