IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පණු පොහොරවලට වැඩි ඉල්ලුමක්

(අංජුල මහික වීරරත්න)

මාකඳුරේ කෘෂිකර්ම පර්යේෂණායතනය විසින් නිෂ්පාදනය කරන පණු කොම්පොස්ට් පොහොර සඳහා ගොවි ජනතාවගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව එම කෘෂිකර්ම පර්යේෂණායතනයේ කෘෂි විද්‍යාඥ ප්‍රියංගා දිසානායක මහත්මිය පැවසුවාය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාකඳුරේ කෘෂි පර්යේෂණායතනයේ කටයුතු නිරීක්ෂණය සඳහා සහභාගී වූ අතර එහි දී පණු කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කෙරෙන ඒකකයේ කටයුතු නිරීක්ෂණය කළේය.

පරිසරයේ බහුලව වෙසෙන Eisenia Fitida නැමැති ගැඩවිල් විශේෂය යොදා ගනිමින් මෙම කොම්පොස්ට් පොහොර නිපදවනු ලබයි. සාමාන්‍ය කොම්පොස්ට් හදන ක්‍රියාවලියට වඩා වේගවත්ව පණු කොම්පොස්ට් ක්‍රියාවලිය වේගවත් වන අතර පණුවන් මගින් සිදුවන ජීර්ණ ක්‍රියාවලිය වේගවත් වන නිසා පණු කොම්පොස්ට් නිෂ්පාදනය වේගවත් බව කෘෂිකර්ම පර්යේෂනායතනය පවසයි.

මේ වනවිට මාසයකට මෙම පණු කොම්පොස්ට් මෙට්‍රික් ටොන් තුනක් පමණ මාකඳුරේ කෘෂි පර්යේෂණාතයතනය විසින් නිපදවනු ලබන අතර ඒවා ගොවීන්ට ලබා දෙන අතර පර්යේෂණායතනයේ වගා කර ඇති බෝග සදහා ද යොදනු ලබයි.

 



අදහස් (0)

පණු පොහොරවලට වැඩි ඉල්ලුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 601 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 753 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site