
(අංජුල මහික වීරරත්න)
පෙට්‍රල් 92 Unl නැව් තොග 05 ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025-04-15 සිට 2025-10-14 දක්වා මාස හයක ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 5 ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ.
ඒ සඳහා සැපයුම්කරුවන් 7 දෙනකු ලංසු ඉදිරිපත් කර ඇත. ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s Vitol Agy Pte. Ltd. වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙට්‍රල් නැව් පහක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට
අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 03:21 PM
ඉස්සර ලංකාවට තෙල් ගෙන එන්නේ කොහොමද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. ඒවා සියල්ලම රහස් ගනුදෙනු ලෙසයි ක්‍රියාත්මක වුණේ. දැන් එහෙම නොවෙයි, ටෙන්ඩර් කැදවන විට වගේම ටෙන්ඩර් ප්‍රදානයත් මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසා පුරවැසියන් හැටියට අපගේ තොරතුරු දැන ගැනිමේ අයිතිය රැකිලා තියෙනවා.
ගුණරත්න Tuesday, 08 April 2025 05:04 PM
අපට අමාරු කාලේ තෙල් දුන්නේ නම් ඕමාන සමාගමක්.