(අංජුල මහික වීරරත්න)
තව දුරටත් පක්ෂ පාට බලාගෙන දේශපාලනය කරනවා නම් රටට අනාගතයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ආර්ථික අර්බුදයේ නරකම කාලය අත්විඳිමින් සිටින බව කී විජයවර්ධන මහතා රට ගොඩ ගන්න නම් පාර්ලිමේන්තුවේ පක්ෂ නියෝජනය කරන සියලු දෙනා මෙන්ම පළාත් පාලන නියෝජිතයින් සියලු දෙනාම එකතු විය යුතු බව කීය.
පක්ෂ දේශපාලනය පමණක් නෙව පසුගිය කාලයේ ආගම් ජාති වශයෙන් බෙදී සිටි බව කී විජයවර්ධන මහතා එවැනි භේද බින්න තියාගෙන ඉදිරියට යන්න අවස්ථාවක් නැතැයි ද සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු විය යුතු කාලය එළඹ තිබෙන්නේ යැයිද සඳහන් කළේය.
මහනුවර දේශපාලන රැස්වීමක් අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පක්ෂ පාට වලට බෙදුනොත් රට වලේ