IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


නීතීඥ සංගමය ජනපතිට ලියයි

(අංජුල මහික වීරරත්න)

යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයැයි ද පුරප්පාඩු වන නව පොලිස්පති ධුරය සඳහා හොඳම පත්කිරීම කරන්නැයිද කියමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ.

"2023 මාර්තු 23 වන දින සිට පොලිස්පති තනතුර පුරප්පාඩු වීමට නියමිතය. එම තනතුරට හැකි හොඳම පත් කිරීම සිදු කිරීම ඉතා වැදගත් වේ.

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතළ ලෙස ඛාදනය වී ඇත.

ස්වාධීනත්වය නොමැතිකම, දේශපාලනීකරණය, පොලිස් ම්ලේච්ඡත්වය, භාරකාර මරණ, වෘත්තීයභාවය නොමැතිකම මේ සියල්ල පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වී තිබේ. යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයි යනුවෙන්ද නීතිඥ සංගමය යැවූ ලිපියේ සඳහන් වේ.

 

 



අදහස් (9)

නීතීඥ සංගමය ජනපතිට ලියයි

Samitha Senaka Aluthgamage. Saturday, 18 March 2023 10:29 PM

දේශපාලනයට ගැතිව, දේශපාලනඥයින් දේවත්වයේ තබාගෙන, නීතිය දේශපාලකයින් හට අවශ්‍ය ආකාරයට නවමින් ජනතාවගේ පිළිකුලට හා කෝපයට ලක්වූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මේ රටේ සිටිනවා. රටේ පොලිස්පති ලෙස එවන් කෙනෙකු පත්වුවහොත් පොලිස් සේවයේ ඉතිරිවී ඇති ගෞරවයද නැති වන්නේය...

:       0       1

Ashwin Sunday, 19 March 2023 01:50 AM

නීතීඥ සංගමේට ඕනෑ හොරු ටිකක් වැඩිකර ගන්න... එතකොටනේ එයාලාගේ ආදායම වැඩි වෙන්නේ... අරගලේදී ගෙවල් ගිනි තියපු අයට අත්පුඩි ගහපු අයගේ ඉතින්... කහනවා වගේ ඇති...

:       11       7

රයිගමයයි ගම්පොලයයි Sunday, 19 March 2023 01:52 AM

අනේ ඔව් එයාලා කියන විදියටම කරලා දෙන්න. හරිම හොඳ මිනිස්සුනේ...

:       7       8

nihal Sunday, 19 March 2023 02:06 AM

ස්වාධීනත්වය නොමැතිකම, දේශපාලනීකරණය, ම්ලේච්ඡත්වය, භාරකාර මරණ, වෘත්තීයභාවය නොමැතිකම මේ සියල්ල රනිල් කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට හේතුවී ඇත.

:       9       12

Pankumburage Sunday, 19 March 2023 02:12 AM

මහජන විශ්වාශය කොහොම වුණත්, පිනාධිපතිට නැටවිය හැකි අය පත්කර ගනී.

:       7       12

ජගත් ලියනගේ Sunday, 19 March 2023 06:20 AM

ඔයා මොනවා කිව්වත් වැඩක් නැහැ. සුවච, කීකරු ගෝලයෙක් තමයි ඕකට පත් කරන්නේ. ඒකට අරයා තමයි හරි යන්නේ...

:       7       12

sb Sunday, 19 March 2023 08:33 AM

මෙතුමාලාම නේද එක නඩුවක්වත් කතා නොකරපු එතුමාට 50 වසරක "නීති" දිවියට කියලා සම්මානයක් දුන්නේ? ඒක එතකොට කොච්චර සාධාරණද? වෘත්තීය භාවය සහිතද? ස්වාධීනද? තේරෙන්නේ නෑ අප්පා...

:       3       13

විජේ Sunday, 19 March 2023 09:04 AM

ජනාධිපතිගේ ස්වාධීනත්වය නොමැතිකම, දේශපාලනීකරණය, පොලිස් ම්ලේච්ඡත්වය, භාරකාර මරණ, වෘත්තීයභාවය නොමැතිකම ගැන කාටද ලියන්නේ?

:       2       7

විපරමා Sunday, 19 March 2023 03:42 PM

කවුරු කොහොම කිව්වත් පින් ජනපතියාට ඕනෑ විදියට තමයි වැඩ සිද්ද වෙන්නේ...?

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 94 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 934 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site