(ටී.කේ.ජී.කපිල සහ යොහාන් භාසුර)
සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, වීසා කල් ඉකුත් වූ පසුත්, නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ .
ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශය යටතේ පවතින අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් තමන් සතු දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු , මේ බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කර තිබුණි .
මෙසේ අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් සියලුම දෙනා වයස අවුරුදු 22 ත් 36 ත් අතර පසුවන්නන් වූහ .
ඔවුන් කඩිනමින් ඉන්දියාව වෙත පිටුවහල් කිරීම සදහා වැළිසර පිහිටි රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබේ .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නීතිවිරෝධීව මෙරට සිටි ඉන්දියානුවන් 21ක් අත් අඩංගුවට
Perakum Liyanagama Friday, 18 July 2025 08:43 PM
ඇයි ඉතිං මේ නීතිය හිටපු අමාත්‍ය ඩයනා ගමගේට ක්‍රියාත්මක නොකරන්නේ? එයා සුදු නිසාද? මොකක්ද මේ රටේ පවතින දෙබිඩි නීතිය? අපි හිතුවා අලුත් ආණ්ඩුව කියාගෙන ආපු විධියට නියමෙට හොරු අල්ලයි කියලා. දැන් බලපුවාම “උනුත් එකයි මුනුත් එකයි”