(විනීතා එම් ගමගේ)
නුපුහුණු ශ්‍රමිකයන් යැවීම වෙනුවට විදේශ ශ්‍රම වෙළඳපොළට පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා වන පුළුල් වැඩපිළිවෙළක් වෙනුවෙන් විදේශ රැකියා රාජ්‍ය අමාත්‍යංශය හා නිපුණතා සංවර්ධන වෘත්තිය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත.
මේ වනවිට ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රමිකයන් විශාල පිරිසක් නුපුහුණු ශ්‍රමය වශයෙන් විදේශ ගත වන අතර ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න බොහොමයකට හේතුව ද නුපුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ ගත වීම වන බැවින් පුහුණු ශ්‍රමිකයන් යැවීම වැඩි කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පැවසීය.
විදේශ රැකියා වෙළඳපොළට බරපතලම ප්‍රශ්නය වී ඇත්තේ පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
දැනටමත් ඉල්ලුම ඇති බොහෝ ක්‍ෂෙත්‍රවලට පුහුණු ශ්‍රමිකයන් සොයාගන්නට නැතැයි ද මේ නිසා ශ්‍රම වෙළඳපොල ඉල්ලුමට සරිලන සැපයුමක් ඇතිකරන්නට නොහැකි වී ඇතැයි ද ජයරත්න මහතා කිය.
උදාහරණ වශයෙන් ඉන්දුනීසියාව 2019 වසරේ සාත්තු සේවකයන් 120000 ක් විදේශ රැකියා සඳහා යවද්දී ශ්‍රී ලංකාව යවා ඇත්තේ 439 දෙනෙකු පමණක් යැයි ද පෙන්වා දුන්නේය.
නව අවබෝධතා ගිවිසුම අනුව විදේශ රැකියා සොයා එන ශ්‍රමිකයන් පුහුණු කර විදේශ ගත කිරීමටත් වෘත්තීය පුහුණු ආයතනවලට බැඳී ඉගෙන ගන්නා සිසුන්ට විදේශ රැකියා අවස්ථාවන් ලබා දීමටත් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
මෙම අවබෝධතා ගිවිසුම පසුගියදා අත්සන් කෙරුණු බව කී ඔහු විදේශ රැකියා සොයා යන අය සුදුසුකම් හා කුසලතා අනුව වර්ග කර අමාත්‍යංශය යටතේ ඇති වෘත්තීය පුහුණු ආයතනවලට යොමු කරන බවත් ඒ සමඟම භාෂා පුහුණුව ලබා දෙන බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
මෙහි දී රැකියා පුහුණුව පමණක් නොව රැකියා අපේක්ෂකයන්ගේ ජීවන කුසලතා වර්ධනය කර අනාගත රැකියා වෙළඳපොලෙහි ඇති අභියෝගවලට මුහුණ දීමට හැකි පිරිසක් බිහිකිරීමට දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කෙරෙහි ද අවධානය යොමු කරවීමට බලාපොරාත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නිපුණතා - විදේශ රැකියා අමාත්‍යාංශ අතර එකඟතාවයක්
Ruhunu Friday, 12 February 2021 01:41 PM
රජයට රටේ ගැහැණු ටික රටවල් වලට යවලා හම්බකරගන්න කම් ඉවසිල්ලක් නැහැ. අනේ මෙහෙමත් පිරිමි...!!!
kamal Friday, 12 February 2021 02:33 PM
පුහුණු හෙද වෘත්තියට මැද පෙරදිග පමණක් නොව උතුරු ඇමෙරිකාව, යුරෝපය, ජපානය වැනි රටවල ඉහළ ඉල්ලුමක් පවතියි. ලංකාවේ හෙද වෘත්තිය ඉහළ මට්ටමකට ගෙනඒමට නොදෙන්නේ දොස්තර සංගමයයි.
anula Saturday, 13 February 2021 08:38 AM
පුහුණු කරලාවත් හවුස්මේඩ්ලා නම් එවන්න එපා. මේ රටවල්වල ඉන්නේ මිනිස්සු නොවෙයි. දන්න කියන කිසිම කෙනෙකුට එන්න දෙන්න එපා.
sunilSaturday, 13 February 2021 02:31 PM
ඇත්ත. බොහොමයක් අරාබි කාරයින්ට එතරම් අධ්‍යාපනයක් නැහැ.