IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


නැ’හිර ටිමෝරයේ නිදහසට උරදුන් ශ්‍රී ලාංකිකයෙකුට වීර සම්මානයක්

(ටී.කේ.ජී.කපිල )

නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලය වෙනුවෙන් දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කරමින්  එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් එරට රජයේ ඉහළම වීර සම්මානය ශ්‍රී ලාංකික ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත ප්‍රදානය කර තිබේ.

එම සම්මානය රැගෙන ඒ මහතා කටුනායක ගුවන් තොටුපොළට  ඊයේ (7) පැමිණියේය .

ෆ්‍රෙඩී ගමගේ ශ්‍රී ලංකාව තුළ  මාධ්‍යවේදියෙකු , සිවිල් සමාජ ක්‍රියාධරයෙකු මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයෙකු ලෙස ද කටයුතු කරමින් සිටින්නේය .

නැගෙනහිර ටිමෝරය යනු ඉන්දුනීසියාවත් ඕස්ට්‍රේලියාවත් අතර පිහිටි කුඩා රාජ්‍යයකි . මෙය 1975 නොවැම්බර් 28 වන දා තෙක් පෘතුගීසි යටත් විජිතයක්ව පැවති අතර එදින නිදහස ලැබූ එම රාජ්‍යය යළි දින ගනනාවකට පසු , එනම් 1975 දෙසැම්බර් මස 07 දින ඉන්දුනීසියාව විසින් අත් පත් කර ගෙන තිබේ. එරටින් නිදහස ලබා ගැනීම සදහා එරට වැසියන් සමග ආසියා - පැසිෆික් කළාපීය රටවල නිදහස්කාමීන් දීර්ඝ අරගලයක නිරත වී තිබේ .

මෙම අරගලයට සහභාගී වීම සදහා නැගෙනහිර ටිමෝරය වෙත යමින් සිටි ෆ්‍රෙඩී ගමගේ මහතා පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී දෙවරක් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී එක් වරක් පිටුවහල් කිරීමකට ද ලක් වී තිබේ .

 මෙම අරගල වල ප්‍රතිඵලයක් ලෙස 2002 වසරේ මැයි මස 20 වැනි දින නැගෙනහිර ටිමෝරය නිදහස් රාජ්‍යයක් වන අතර , එම නිදහස් අරගලය වෙනුවෙන් ෆ්‍රෙඩී ගමගේ මහතා දැක්වූ දායකත්වය ඇගැයීමකට ලක් කර මෙම වීර සම්මානය ඉකුත් 27 දින එරට ජනාධිපති රාමෝස් හොර්තා මහතා විසින් ෆ්‍රෙඩී ගමගේ මහතා වෙත පිරිනමා තිබේ .

 



අදහස් (7)

නැ’හිර ටිමෝරයේ නිදහසට උරදුන් ශ්‍රී ලාංකිකයෙකුට වීර සම්මානයක්

Janani Divyanjali Sepion Friday, 08 December 2023 09:40 AM

සුභපැතුම්

:       2       27

Bandula Friday, 08 December 2023 09:53 AM

ඉතා හොඳ වැඩක්

:       1       17

ක්ලෝයි Friday, 08 December 2023 12:12 PM

අපගේ මතකය නිවැරදි නම්, මෙම සම්මාන ලාභී ගමගේ මහතා ඊලාම් රාජ්‍යයට ද සහයෝගය දුන්නෙක්.

:       4       13

විජේ Friday, 08 December 2023 02:19 PM

මෙහේ හොරුන්ගෙන් මේ රට නිදහස් කරගන්න කරපු අරගලය කොහොමද? ඒකට කාටවත් වීර සම්මානයක් දුන්නේ නැහැනේ...!

:       3       2

බිමල් Friday, 08 December 2023 06:10 PM

මම අවුරුදු 5ක් ටිමෝරයේ හිටියා. එහේ නිදහස් උත්සවයටත් සහභාගි වුණා. එහෙම කෙනෙක්ගේ විස්තරයක් අදමයි දැක්කේ...!

:       0       0

ගුණවර්ධන Saturday, 09 December 2023 12:27 AM

.....ටිමෝරය වෙත යමින් සිටි ෆ්‍රෙඩී ගමගේ මහතා පිලිපීනයේ මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී දෙවරක් සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී එක් වරක් පිටුවහල් කිරීමකට ද ලක් වී තිබේ ...... මේ මදිද ඔය සම්මානය දෙන්න.

:       0       0

rK Friday, 08 December 2023 09:32 PM

ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමිව මගේ මතකයට ආවා. ඔබතුමාට සුභ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 17 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 21 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 148 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 90 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 178 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිතුරු සංගම් ලොකු පුටුව නලින්දට
2025 මැයි මස 11 98 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 970 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1427 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site