IMG-LOGO

නිවාඩු ඇවිත් හරක් හොරකමේ ගිය නාවික සෙබළා මාට්ටු

(පැතුම් දර්ශන)

එළ ගවයන් තිදෙනකු සොරාගෙන රුපියල් ලක්ෂ තුනක මුදලකට අලෙවි කළ නාවික හමුදා සෙබළකු හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේදී අද උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ නාවික හමුදා මූලස්ථානයේ සේවය කරමින් සිට නිවාඩු ලබා පැමිණ සිටී හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේම පදිංචි විසි නව හැවිරිදි සෙබළෙකි.

ආහාර ගැනීම සඳහා මුදා හැර සිටි තම එළ ගවයන් තිදෙනකු අතුරුදන් වී ඇතැයි පවසමින් හොරොව්පොතාන විලේවැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ඊයේ (05) පොලිසියට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව පොලිසිය සිදු කළ විමර්ශනයකින් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. තම බිරිඳගේ පාර්ශවයෙන් දෑවැද්දට ලැබුන එළ ගවයන් බව පවසමින් සැකකරු විසින් මෙම සොරා ගත් ගවයන් තිදෙනා හොරොව්පොතාන මුස්ලිම් වලහවිද්දවැව ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා ඇති බව පොලීසිය වැඩිදුරටත් කියයි.

පසුව සොරකම් කළ ගවයන් තිදෙනා මුදලට ලබා ගත් පුද්ගලයාගේ නිවසේ සිටියදී පොලිසියස්  බාරයට ගෙන තිබේ.

සැකකරුගේ නිවසේ කළ සෝදිසි කිරීමකදී ගවයන් විකුණා ගත් මුදලින් ලක්ෂ එකහමාරක මුදලක් සොයා ගැනීමට හැකි වූ බව පවසන පොලිසිය මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පැවසීය.

 



අදහස් (3)

නිවාඩු ඇවිත් හරක් හොරකමේ ගිය නාවික සෙබළා මාට්ටු

gampila Saturday, 06 August 2022 01:24 PM

හමුදාවේ ජොබ් එකත් මේ එක්කම හබස්...!

:       0       9

Bamunuarachchi Saturday, 06 August 2022 06:35 PM

ඔව් ඔව් හමුදාවට ගියා කියල පරණ පුරුදු රස්සාව අතහරින්න පුලුවන්ද? ඒ කාලේ ඔය ජොබ් එක කරපු දැන් නිලධාරි වෙච්ච අයත් ඉන්නවාලු.

:       3       6

ganegoda Saturday, 06 August 2022 08:10 PM

සහතික ඇත්ත ආරච්චි මහත්තයෝ... ඒ නිසා අද මගේ කැමැත්තත් ඔබතුමාට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site