IMG-LOGO

නිරෝධායනය අවසන් කළ 8 වැනි කණ්ඩායමත් පිටව යයි

(නිමල් ජයරත්න)

යුද හමුදා අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු අවසන් කළ අටවන කණ්ඩායම අද (31) නිවෙස් බලා පිටත්ව ගියහ.

කුවෙට් සහ කටාර්  යන රටවල් වල සිට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 11 දෙනෙකුගෙන් යත් පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය බව නැගෙනහිර ආරක්ෂක සේනාංකයේ උසස් හමුදා නිලධාරියෙකු පැවසීය.

මාතලේ, කුරුණැගල සහ පුත්තලම යන ප‍්‍රදේශවලට යුද හමුදාවේ බස් රථයකින් සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් හමුදා ආරක්ෂව මැද මෙම පිරිස පිටත්ව ගිය බව යුද හමුදාව කීය.

ඉකුත් 24 වැනිදා සිට මේ දක්වා වැලිකන්ද කන්දකඩුව, ගල්කන්ද සහ පුනානි යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනය වී ශ්‍රී ලාංකික සහ විදෙස් ජාතිකයින් 1117 දෙනෙකු පිටව ගිය බව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසීය.

පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් ශ‍්‍රී ලාංකිකයින් සිවු දෙනෙකු නිරෝධායන කටයුතුවල නිරතවන අතර ඔවුන් පළවෙනිදා දිනයෙදි නිවෙස් කරා පිටවිමට නියමිත බවද එම හමුදා නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.

මිට අමතරව දම්මින්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිට තවත් ශ‍්‍රී ලාංකිකයින් 86 දෙනෙකුද අපේ‍්‍රල් 01 වෙනිදා දිනයෙදි ගම්බිම් බලා පිටව යැමට නියමිතව සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (0)

නිරෝධායනය අවසන් කළ 8 වැනි කණ්ඩායමත් පිටව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 186 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site