
(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුරෙක්කන්ද ප්‍රදේශයේ නායයාමේ අවදානම මත පවුල් 4 ක් ස්ථිරව ද පවුල් 13ක් තාවකාලිකව ද ඉවත් කිරිමට අද(26) පියවර ගනු ලැබීය.
රත්නපුර වේවැල්වත්ත ප්‍රධාන මාර්ගය ආසන්යේ පිහිටි නිවසකට 25දා නිවස පිටුපස පස් කණ්ඩියක් කඩාවැටීමෙන් හානි සිදුවිය.
එම ස්ථානය නායයාමේ දැඩි අවදානම් ස්ථානයක් ලෙස භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් හඳුනාගෙන තිබූ ස්ථානයක් බව රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා ඉලුක්කුඹුර මහත්මිය පැවසුවාය.
පවුල් හතරක් එම ස්ථානයේ පදිංචිව සිටි අතර පවුල් දෙකක් රජයේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන අනුව වෙනත් ස්ථානයක පදිංචියට ගොස් ඇතිබව ප්‍රාදේශීය ලේකම්වරිය කීවාය.
පවුල් දෙකක් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවාස මිලදී ගැනීමට කටයුතු කරමින් එම ස්ථානයේ ම පදිංචි ව සිටිති. 25දා පස් කණ්ඩිය කඩාවැටීමෙන් ඉන් එක් නිවසකට දැඩි ලෙස හානි සිදුව ඇත.
අධික වැසි පවතින නිසා භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ දැනුම්දීම මත 24දා සවස ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ ද උපදෙස්මත නිවැසියන් වෙනත් ස්ථානයකට ගොස් තිබුණි.
නිවස පිටුපස ඉවුරෙන් 24 දින සවස බොර පැහැයෙන් දියපාරක් මතුවු බැවින් තමන් ආරක්‍ෂිත ස්ථානයකට ගොස් තිබු නිසා දිවි බේරුණ බව නිවෙස් හිමි අනුර මහතා පැවසුවේය.
එම ස්ථානයේ ඉදිරිපිට වේවැල්වත්ත මාර්ගයේ එක් මංතීරුවක් වසා ඇත.
නායයාමේ අවදානම තවදුරටත් පවතින නිසා විදුලි බල මණ්ඩලට ඒ හරහා ඇති විදුලි රැහැන් ඉවත් කිරිමට පියවර ගනු ලැබීය.


2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාය අවදානමෙන් දුරෙක්කන්දේ පවුල් 17 ක් ඉවත් කරයි