(ලාල් එස් කුමාර)
තුන් නිවුන් දරු උපතකට සූදානම්ව සිටී ගැබිණි මවක් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මවත් දරු තිදෙනාත් මිය ගිය බව මවගේ ඥාතීහු පවසති.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන ගෝනවල පමුණුවිල විද්‍යාලයේ සමාජ විද්‍යාව විෂයයන් ඉගැන්වූ කුඩාබදුගේ ලවන්ති චතුරි ජයසූරිය නමැති 36 හැවිරිදි ගැබිණි මවකි .
ඇය විවාහ වී දරුවන් නොමැතිව අවුරුදු අටකට පසුව ගැබිණියක් වී දරු සුරතල් බැලීමේ ආසාවෙන් සිටි බව ඇගේ සැමියා පවසයි.
මාකොළ උතුර මාකොල පදිංචි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවීර මහතා මෙසේද පැවසීය.
දරුවා පිළිසිඳ ගත් දා සිට නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ඉකුත් 28 වැනිදා රාගම රෝහලට ඇතුළත් කළා. ඒ වනවිට කුසට සති විසි තුනක් වනවා.
29 වැනිදා රාත්‍රියේ ඇයට අමාරු වුනා.තිස් වෙනිදා උදේ දැඩි සත්කාර ඒකකයට දැම්මා . දෙවැනි දා හවස් වන විට බිරිඳත් දරු තිදෙනාත් මියගොස් බව දැනුම් දුන්නා.
රෝහලේ නොසැලකිල්ල නිසා මෙය සිදුවුණා. ඒ පිළිබඳව මම ඉදිරියේදී පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි මියගිය ඇයගේ සැමියා වන අමිල සමරවිර මහතා චෝදනා කරයි.
මවගේ සහ දරු තිදෙනාගේ අවසන් කටයුතු අද සවස සිදු කෙරිණි.
මේ සම්බන්දයෙන් රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක රණවීර මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය .
නූපන් දරුවන් සහ මව මියගියේ රෝහලේ වරදින් නොවේ.
මෙම මව දරුවන් නොමැතිව වසර ගණනාවක් සිට පසුව පෞද්ගලික රෝහලකින් නල දරු උපතක් සඳහා ගර්භාෂයේ ඩිම්බ තැන්පත් කිරීමක් සිදු කර ගෙන තිබෙනවා. මේවා රජයේ රෝහල්වල සිදුකරන්නේ නැහැ.
ලක්ෂ ගණන් වියදම් කර පෞද්ගලික රෝහල්වලින් මේ දේවල් කරගන්නවා. එම වෛද්‍යවරුන් ඩිම්බ කිහිපයක් තැන්පත් කිරීම කරනවා. එසේ කරන්නේ එක ඩිම්බයක් වත් හරි යාවි යන බලාපොරොත්තුවෙන් . නමුත් මේ මවට ඩිම්බ තුනම සංසේචනය වී කළල තුනක් වැදිලා තිබෙනවා.
කෙසේ හෝ සති විස්සක් පමණ වන විට අසාධ්‍ය වී රාගම රෝහලට ඇතුල් වෙලා තියෙනවා .රෝහල් කාර්ය මණ්ඩලයේ දැඩි වෙහෙසක් ගත්තා මෙම මවත් දරු දෙදෙනාත් බේරා ගන්න.
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නූපන් දරු තිදෙනා සමග මවක් මරුට
Prabha Tuesday, 04 July 2023 11:37 PM
අමාරු වුණාම රජයේ රෝහලට තල්ලු කරලා දාන දොස්තරලාට විරුද්ධවත් පැමිණිලි කරන්න.
ලුම්බිණි Wednesday, 05 July 2023 04:31 AM
රෝහලේ අධ්‍යක්ෂක කියන විදියට කළල තුනක් තිබීමද මරණයට හේතුව?
Samitha Senaka Aluthgamage. Wednesday, 05 July 2023 08:14 AM
බොහෝ පෞද්ගලික රෝහල් වල අරමුණ මුදල් ඉපයීම බව කවුරුත් දන්නා කරුණක්.හොඳ පෞද්ගලික රෝහල් සඳහා මේ ලියන දේ අදාළ නැහැ.ඉතා ඉහළ තාක්ෂණයෙන් හෙබි පෞද්ගලික රෝහල් වල රෝගියාගේ ලෙඩේ සුවවෙන තුරුම ඔහු රඳවා ගනු ලබන වගකීම ඔවුන් දරනවා.ඒ සඳහා අති විශාල ලෙස මුදල් වැයවෙන නිසා රටේ මධ්‍යම පාන්තික ජනතාවට එම රෝහල් වලට යන්නට හැකියාවක් නැහැ.ඒ සඳහා ඇති හැකි අය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරුන් හෝ ගෙන්වා රෝගියාව සුවවෙන තුරු එම පෞද්ගලික රෝහල තුළම රඳවා ගනු ලබනවා.ඒත්,ඇතැම් පෞද්ගලික රෝහල් ලෙඩා ගැන කෙසේ වෙතත් තම බිල පමණක් ගැන සිතා හැකි තරම් කාලයක් රෝගියා රඳවාගෙන මැරෙන්න ඔන්න මෙන්න කියා තිබියදී රජයේ රෝහල් වෙත යවනවා.එවන් විට රජයේ රෝහල් වල කාර්ය මණ්ඩල වලට ප්‍රතිකාර කිරීමට කාලයක් නැහැ.මා දන්නා මාතාවක් මෙලෙස නිකරුනේ මියගියා. මේ පෞද්ගලික රෝහල් නිසි ලෙස නියාමනය කළ යුතුයි.එසේම,ඒවා සඳහා නීති රීති සකස් කළ යුතුව පවතී.
Chandika Pathirana Wednesday, 05 July 2023 08:21 AM
අවු 8කට පස්සේ දරු සුරතල් බලන්න හැමදාම එක වගේ ආදරේ කරන්න අවුරුදු 8ක් තිස්සේ තිබ්බ මානසික පීඩනය නැති කරගන්න තමා..දරු කලල 3ක් ගාර්භාෂයේ තැන්පත් කරන්නේ…එ හැම බලාපොත්තුවක්ම හිතන්නේ නැතුවම නැතිවෙලා යනවා…දැන් එ පිරිමියා මේ හැම දුකක්ම තනියෙන් විදින්න ඕනා..තව ප්‍රශ්නයක් තියෙනවා ඔය නල දරු කලල අලුත් එවාද පරන එවාද ? එක නිසා නල දරු උපත් 25% වගේ තමා හරියන්නේ…එ අයට තමන්ගේ ලේ වලින් දරුවො නැත්තං (කලල තියන්නේ නැතුව)දරුවෙක් හදාගන්න….(ලමා නිවාසෙකින්) දැන් හැමදේම ඉවරයි..මේ හැමදෙකම එකම නිතියයි තියෙන්නේ ස්භාවධර්මය..
Saman Wednesday, 05 July 2023 09:25 AM
රජයේ රෝහල්වල රස්තියාදු වෙන්න එපා... පුද්ගලික රෝහලකට යන්න.
මැක්ස්Wednesday, 05 July 2023 11:29 AM
සමන් වැනි මෝඩ ඔපීනියන් කරුවන් විසින් පතුරැවන බොරැ බේගල්වලට කිසිවකු හෝ අසු නොවේවා!
randil dunuwille Wednesday, 05 July 2023 11:28 AM
රාගම හොස්පිටල් එකේ මිනිස්සු මරනවා ඔයිට කලිනුත් රටම දැක්කා. ඒවාට නිසි පියවරක් ගන්නේ නැති නිසා වටිනා ජීවිත අකාලේ නැතිවෙනවා. ඇයි වගකිවයුත්තන් නිහඬ
පෙරේරා Wednesday, 05 July 2023 05:16 PM
මේ රාගම රෝහලේ අධ්‍යක්ෂක දොස්තර කියන හැටියට වැරැද්ද දරුවන් නැති නිසා කෘතිම ඩිම්බ තැන්පත් කිරීම නිසා... ඉතින් ඒක උල තුනම හරි ගිය එකද වැරැද්ද? එහෙම නම් ඒ බව පැහැදිලි කරලා දීලා ඒ අම්මාය බේරාගන්න බැරි වුනේ ඇයි කියන එකට උත්තරයක් නෑ...