IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නීති පද්ධතිය ගැන මහින්දානන්දගෙන් චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙරට බොහෝ නීති සකස්වී ඇත්තේ  දේශීය කිරි නිෂ්පාදකයා නැංවීමට නොව කිරි පිටි හදන  නවසීලන්තය සතුටු කෙරෙන   ආකාරයට යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ  පරිසර වාර්තා සම්බන්ධයෙන් සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.

පරිසර වාර්තා නිකුත් කිරීමේ දී අක්‍රමිකතා වැලැක්වීමට වහාම  පියවර ගතයුතු බව  අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පැවසුවේය.

මෙය පරිසර අමාත්‍යවරයාගේ ප්‍රශ්නයක් නොවන බවත්  පරිසර වාර්තා නිකුත් කිරීමේදී  සාධාරණ මුදලක්  අය කරන්නැයි  තමා ඉල්ලීමක් කරන බවත් ඔහු කීවේය.

සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව සත්ව ගොවිපොළවල්  පහක් සඳහා ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ  එලෙස මුදල් ඉල්ලු ආයතන ගැන පැමිණිල්ලක් ඉදිරිපත් වුවහොත් ඒවා අසාදු ලේඛනයට ඇතුළත් කළ හැකි බවයි.

එසේම මෙවැනි අක්‍රමිකතා වැළැක්වීම සඳහා පරිසර පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බවද ඔහු පැවසීය.



අදහස් (1)

නීති පද්ධතිය ගැන මහින්දානන්දගෙන් චෝදනාවක්

Sunil Tuesday, 22 March 2022 04:09 PM

වි වගාවයි, එළවළු වගාවයි කාබාසිනියා කරලා දැන් කිරි නිෂ්පාදනයත් වනසන්නද යන්නේ...? ජනාධිපති කියන හැමදේටම ඔව් සර් කියන එකේ විපාකෙ තමයි මේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 593 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site