(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනා ගත් බව කියනබාලවයස්කාර පාසල් සිසුවියක් රවටා ඇය මහනුවර ගැටඹේ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයකට ලක්කළේ යැයි කියනඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට මහනුවර මූලස්ථාන පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
අත්අඩංගුවට ගැනීමට සොයන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්අවුරුදු 15 ක් වයසැති මෙම දැරිය වට්ස් අප් මාර්ගයෙන් හඳුනා ගෙන කාලයක් තිස්සේ සිට ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි බවට පැවසෙන මෙම අය මහනුවරට පැමිණ ඇය රවටා ගෙන ගැටබේ ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකටරැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇතැයි පොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.
එදින දකින තෙක් මෙම බාලවයස්කාර සිසුවිය එම පුද්ගලයා දැක නොතිබූ බවද කියති.
අපයෝජනයට ලක් වූයේ යැයි කියන මෙම බාලවයස්කාර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බව ද පොලිසිය කීය.
මහනුවර මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දුරකතනයෙන් හැදිනගෙන බාල දැරිය අපයෝජනය කරලා