(ඩයනා උදයංගනී)
කළු ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්කයේ පහත් බිම් ගණනාවකට ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කළු ගඟ තැන්නට අයත් පහත්බිම්වල අද (31) හෝ හෙට (1) ගං වතුර අවදානමක් මතුවිය හැකි බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.
කළුතර දිස්ත්‍රික්කයට ද පවතින අධික වර්ෂාව ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග ජලයෙන් යටවෙමින් පවතින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මගුරු ගඟ පිටාර ගැලීම නිසා මාර්ග රැසක් යටවී ඇති බව පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් සාරංගී ධීරරත්න මහත්මිය පැවසුවාය.
(ප්‍රේමතිලක පෙරමුණ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දිසා කීපයකට ගංවතුර අවදානමක්